ව්‍යාජ විසදුම් එපා මාළඹේ සයිටම් අහෝසි කරනු සරසවි සිසු විරෝධතා


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරීමට බල කරමින් රටපුරා විශ්වවිද්‍යාල සිසුන් හා මහජනතාව උද්ඝෝෂණ වල නිරත වුවද පසුගියදා රජය විසින් ඊට නිසි විසදුම් ලබාදෙනවා වෙනුවට ව්‍යාජ විසදුම් ගෙන එමින් ඒවා රටේ මහජනත්වගේ මුදල් භාවිත කරමින් ජාතික පුවත්පත්වල හා රුපවාහිනී වල ප්‍රචාරය කරමින් ගෙනයන වැඩසටහනට විරෝධය පල කරමින් අද(25) කොළඹ, ජයවර්ධනපුර, රජරට යන විශ්වවිද්යාල ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා උද්ඝෝෂණ පවත්වන ලදී. එහිදී රජය විසින් ගෙන ආ යෝජනා ඇතුලත් පුවත්පත් දැන්වීම්ද ගිනිතබමින් උද්ඝෝෂණයේ නිරතවිය. එමෙන්ම හෙට දිනයේද(26) පේරාදෙණිය, සබරගමුව, රුහුණ, යන විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.


























අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>