ජනවාරි 25 ඇතිවූ ගැටුමක් මුලකරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිවුවන වසර සහෝදරවරුන් දෙදෙනෙකුට කිසිම නඩු විභාගයකින් තොරව දින නියමයක් නොමැතිව පන්ති තහනම ලබාදී තිබුනේ ඔවුන් වරද පිළිගෙන එම ගැටුම සමථයකට පත්ව තිබිදීය. නමුත් ශිෂ්‍ය සටන් හමුවේ දින නියමයක් නොමැතිව ලබාදී තිබු තහනම සති අටක් දක්වා කෙටිකරගැනීමට හැකි වූ අතර විශ්වවිද්‍යාල පරිපාලනය විසින්ද නැවත එසේ නොකරන ලෙස අවවාදකර එම සිදුවීම අවසන් කර තිබුනද එම සිසුන්ට එම සමාසිකයේ ලියාපදිංචි වීම වළක්වමින් පීඨ පරිපාලනය ගෙනයන අත්තනෝමතික තීරණයට එරෙහිව අද(28) කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණය කළමනාකරණ පිඨය ඉදිරිපිට පවත්වන ලදී. එහිදී කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සහෝදරයා අදහස් දක්වමි කියා සිටියේ ශිෂ්‍යයන්ගෙන් දිගින් දිගටම කරන පලිගැනීම් නවතා ඔවුන්ට අධ්‍යන කටයුතු කරගෙන යාමට අවස්ථව ලබා නොදුන්නොත් ඒ සදහා ඉදිරියේදීත් අඛණ්ඩව සටන් කරන බවයි.