ව්‍යාජ විසදුම් එපා, සයිටම් අහෝසි කරනු රාත්‍රී පාගමනින් කොටුවට



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්නයැයි රජයට බලකරමින් වෛද්‍ය පීඨ සිසුන් දින 450 වැඩි ගණනක සිට වෛද්‍ය පීඨ හයක් ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහ ක්‍රියාත්මක වන අතර වෛද්‍ය පීඨ සිසුන් තම දේශන වලින් බැහැරවී අදට දින 118 ගත වෙතත් රජය තවම ඒ සදහා නිසි විසදුමක් ලබාදීමට මැදිහත් නොවන අතර විවිධ ව්‍යාජ යෝජනා ගෙන එමින් ඒවා මහජන මුදල් විනාශකාරී ලෙස භාවිතා කරමින් රුපවහිනිවල විශාල කාලවේලාවක් වෙන්කරවාගෙන හා පුවත්පත්වල පිටුගණන් පළකරමින් සිටි.

එමෙන්ම රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය විනාශ මුඛයට ඇද දමන මෙම මාලඹේ සයිටම් හොර උපාධි කඩය රැකගැනීමට වර්තමාන සෞඛ්‍ය ඇමති, උසස් අධ්‍යාපන ඇමති, ඇතුළු ආණ්ඩුවේ දේශපාලන අතකොලු ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ගෙන එන ව්‍යාජ යෝජනාවලට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරනලද රාත්‍රී පාගමන පසුගියදා(26) කොළඹ වෛද්‍ය පීඨ පීඨය අසලින් ආරම්භවී කොළඹ කොටුව දක්වා ගමන් කර අනතුරුව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

 එහිදී අදහස් දැක්වූ රයන් ජයලත් සහෝදරයා සදහන් කර සිටියේ එක එක ව්‍යාජ විසදුම් ගෙන එමින් මෙම සටන නැවැත්විය නොහැකි බවත් මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසිකර මිසක් මෙම සටන අත්නොහරින බවත්ය.තව දුරත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරසිටියේ රජය සටන්කරන බලවේග මර්ධනය කිරීමට විශේෂය බලකායක් සකස්කර ඇතිබවත් නමුත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුම්නොදී අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීම නතර නොකර කුමන ආකාරයේ බලකා දැම්මත් මෙම සටන් නතර නොකරන බවත් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තවත් වෘත්තීය සමිති සමග එකතුවී දීප විය්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට කටයුතු කරන බවත්ය.

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාලුගේ වලන් බිදින් නැතුව ශිෂ්‍ය ව්‍යාපාරය සමග ඕනෑම ස්ථානයක ඕනෑම මොහොතක රජය සමග විවාදයක් සදහා අභියෝග කරන බවත්ය.








වීඩීඕ සදහා පිවිසෙන්න https://www.facebook.com/iusfsrilanka/videos/1094365487335350/
                                             https://www.facebook.com/iusfsrilanka/videos/1094368257335073/
                                             https://www.facebook.com/iusfsrilanka/videos/1094376900667542/
                                             https://www.facebook.com/iusfsrilanka/videos/1094383867333512/
                                             https://www.facebook.com/iusfsrilanka/videos/1094391090666123/


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>