රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩවර්ජනයක්


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඊයේ (07) දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී. ඊට සමගාමිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බලකරමින් පාගමනක් හා රැළියක් පවත්වන ලදී. පාගමන කොළඹ ජාතික රෝහල අසලින් අරම්භකර ටවුන් හෝල්, ඩින්ස් පරා, මරදාන, ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොළඹ කොටුව අසලට ලගාවිය මේ සදහා දිවයිනේ රෝහල් වල වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් සම්බන්දවිය. මිට අමතරව විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන්, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්යවරු, දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් සම්බදවිය.

පාගමන අවසානයේ කොටුව දුම්රිය පොළ අසලට එකතු වූ විරෝධතාකරුවන් එම ස්ථානයේ  විරෝධතා රැළියක් පවත්වන ලදී. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,
අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා,          
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සහෝදරයා,
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලාල්කාන්ත සහෝදයරයා,
ජාතික හෙළඋරුමයේ සම සභාපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි,
වෛද්‍ය පීඨ ආචාර්යවරු නියෝජනය කරමින් කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය එම්.සි. වීරසිංහ මහතා,
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ලේඛම් වෛද්‍ය නලින් ද සොයිස මහතා,
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති ආනන්ද රත්නායක මහතා,
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත සහෝදරයා,
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයන්ත බණ්ඩාර මහතා,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය නියෝජනය කරමින් නීතිඥ ගාමිණී ඒකනායක මහතා,
අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය නියෝජනය කරමින් රත්කරවුවේ ජිනරතන හිමි,
ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් සහෝදරයා, යන අය මෙහිදී අදහස් දක්වන ලදී.














video සදහා පිවිසෙන්න 
          

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>