පුරප්පාඩු පුරවන්න,ශාස්ත්‍රීය විෂයන් කප්පාදුව නවතන්නැයි බලකළ භික්ෂු අන්තරේට පොලිසියෙන් පහරදෙයි.


        
            2016/17 වර්ෂයට අදාලව විශ්වවිද්‍යාල තුල පවතින 1300ක් වූ පුරප්පාඩු සම්පුර්ණ කරන ලෙසත් වෙළඳපොල උවමනාව වෙනුවෙන් සිදුකෙරෙන ශාස්ත්‍රීය විෂයන් කප්පාදුව නතර කරන ලෙසත් බලකරමින් අද(04/04)අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. සවුන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කල විරෝධතා පාගමන බොරැල්ල නගරය මරදාන ටෙක්නිකල් මංසන්දිය පසුකරමින් කොළඹ කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට සුදානම් කර තිබුනද ලෝටස් වටරවුම අසලදී පාගමනට පොලිසිය යොදාගනිමින් ජල,කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.

       එක පසෙකින් සයිටම් වැනි උපාධි කඩ ඇරඹීමට හේතුව සරසවි ප්‍රවේශය අහිමි වන සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම යයි ප්‍රකාශ කලද පසුගිය වර්ෂයට අදාලව පමණක් විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය පුරප්පාඩු 1300ක් පමණ පවතින අතර එම පුරප්පාඩු සම්පුර්ණය කිරීම සඳහා කටයුතු නොකරයි.එමෙන්ම ශාස්ත්‍රීය විෂයයන් සඳහා කෙරෙන බඳවාගැනීම් අඛණ්ඩව කප්පාදු කරමින් සිටි.මෙම ගැටලුව විසඳන ලෙස දැනුම් දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය මින් පෙර ජනාධිපති වෙත ලිපියකින්ද දැනුම්දී ඇති අතර එම ගැටළු විසඳනවා වෙනුවට පෙර රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම කිසිදු වෙනසක් නොමැතිව සිසුන් වෙත මර්දනය ගෙන එමින් තිබේ. 



















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>