මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය විසින්
දිස්ත්‍රික් මට්ටමෙන් විරෝධතා රැලි මාලාවක් පැවැත්වීමට තීරණය කර
ඇත.නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයෙන් ඇරඹි විරෝධතා රැලි වටයේ
දිස්ත්‍රික් මට්ටමෙන් සංවිධානය කෙරෙන පළමු විරෝධතා රැලිය ගම්පහ
දිස්ත්‍රික්කයේ ගනේමුල්ල නගරයේ සංවිධානය කර තිබිණ.2017.04.04 දින සංවිධානය
කර තිබු මෙම විරෝධතා රැලියට වාමාංශික දේශපාලන පක්ෂ,වුර්තිය සමිති.බහුජන
සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරමින් විශාල පිරිසක් අදහස්
දැක්විය.මෙම විරෝධතාවය සඳහා
මහජන එක්සත් පෙරමුණ
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
ජනතා විමුක්ති පෙරමුණ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
සමාජවාදී පක්ෂය යන දේශපාලන පක්ෂත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ලංකා ගුරු සේවා සංගමය
ස්වාධින ලංකා ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ප්‍රගති ගුරු සංගමය
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
ඒකාබද්ධ රැකියා විරහිත උපධිධාරීන්ගේ සංගමය
ජාතික වුර්තිය සමිති මධ්‍යස්ථානය
කම්කරු අරගල මධ්‍යස්ථානය යන වුර්තිය සමිති සහ බහුජන සංවිධානත් එක්ව සිටියෝය.