ශිෂ්‍ය වියාපාරය ලෙස දැනට අවුරුදු ගණනකට පෙර සිට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වනසන් මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට සමාජයේ සටන්කරන බලවේග මේසදහා පෙලගස්සවමින් රජයට බලකරමින් අඛණ්ඩව කරගෙන ආ සටන මේවනවිට ඉතා තීරණාත්මක සන්දිස්ථානයකට පැමිණ තිබේ.
මේවනවිට වෛද්‍ය පීඨ හයක් ඉදිරිපිට අඛණ්ඩ සත්යක්ග්‍රහ දින 450 ඉක්මවා ඇති අතර වෛද්‍ය පිඨ සිසුන් තම දේශන වලින් බැහැරව දින 150 ආසන්න වෙමින් පවතින විටත් රජය මෙම මාලඹේ සයිටම් ගැටලුව සදහා විවිධ ආකාරයේ ව්‍යාජ විසදුම් ගෙන එමින් හා සටන් කරන බලවේග මර්ධනය කරමින් සිටිනවා මිස ඒ සදහා නිසි විසදුම් ලබාදීමට අපොහොසත් වී ඇත.
එමෙන්ම මෙම මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රටපුර මහජනතාව කරන ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන තත්වයකට මෙම රජය පත්ව ඇතිනිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගුරු සංගම්, දුම්රිය සේවක සංගම් ඇතුළු වෘත්තීය සමිති රැසක් ලබන මැයි 05 දින දිවයින පුර එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්යාල භික්ෂු බලමණ්ඩලයද ඊට සහය පළකරමින් එක්දින පන්තිවර්ජනයක් සිදුකොට වර්ජනයට පෙර සහ වර්ජනය දින ජනතාව දැනුවත් කරමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙනයන මෙම වැඩ වර්ජනය සදහා සහය දැක්වීමට නියමිතය.
මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශයන්, සායනික කටයුතු හා සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර වෙන අතර හදිසි සේවාවන් සහ ජීවිතාරක්ෂක සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඩෙංගු රෝගීන් විශාල වශයෙන් ප්‍රතිකාර ගන්නා රෝහල්වල සේවා කටයුතු සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන ලදී.
මෙම වැඩ වර්ජනය කාසල් වීදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල තුල ක්‍රියාත්මක නොවන බව සංගමය අවදාරණය කරයි