මැයි 05 සියළු විශ්වවිද්යාල වල එක්දින පන්ති වර්ජනයක්


මාලඹේ සයිටම් හොර උපාධි කඩය සම්බන්දව රජය ගෙනයන ව්‍යාජ විසදුම් වලට එරෙහිව එළබෙන  මැයි 05 වෙනිදින වෘත්තීය සමිති රැසක් එක්කව වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටනියමිත අතර තවත් වෘත්තීය සමිති කිහිපයක් ඒසදහා සහය දක්වමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. එම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ OPA පරිශ්‍රයේ අද (03) පැවැත්විය. එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා සදහන් කර සිටියේ රජය දිගින් දිගටම ප්‍රකාශ කරසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශිෂ්‍ය වියාපාරය ගෙනයන සටන හුදකලා වූ අරගලක් බවත්  නමුත් මේ වනවිට මෙම සටන වටා වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් රෝද බැදගෙන එකට සටන් කිරීමට සහය පළකර ඇතිබවත් දැන්වත් මේ ආණ්ඩුව තේරුම්ගත යුතු දෙයක් තිබෙන බවත් එනම් දවසින් දවස තව තව බලවේග මේසදහා එකතු වෙනවා මිසක මේ සටන වැලැක්විය නොහැකි බවය. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ මැයි 05 දින පැවැත්වෙන වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් අන්තර් විශ්වවිශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයද එක්දින පන්ති වර්ජනයක් හරහා ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් සිදුකරන බවත්ය. එමෙන්ම මෙම වැඩ වර්ජනය සිදුකිරීම හරහා වැඩකරන ජනතාවගේ රැකියාවලට බලපෑමක් සිදුවුවහොත් ඒ සදහාද අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොන්දේසි විරහිතව ඒ සදහා පෙනීසිටින බවද සදහන් කර සිටින ලදී. 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>