සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ ශිෂ්‍යයෝ පන්ති වර්ජනයක


රාජ්‍ය ඇමතිවරු පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික පාසල් වෙනුවෙන් වේදිකාවල කතා කරන මොහොතක පොළොන්නරුවේ  සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ පාසලේ ශිෂ්‍යයෝ පන්ති වර්ජනයක නියෙලෙමින් සිටින පුවතක් අපට පසුගිය දින වාර්තාවිය.

පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ දැනට දීර්ග කාලයක සිට පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් හා විද්‍යාලයට අවශ්‍ය ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ඉල්ලා එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක් අද(04) පොළොන්නරුව - සෝමාවති මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ. අධ්‍යාපන බලධාරීන් පැමිණ තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු මෙලෙස විරෝධතාවයේ නිරත වෙන බව විරෝධතාකරුවො කියති.
ඉකුත් 02 වැනි දා සිට එම පාසලේ ශිෂ්‍යයෝ පාසලට නොපැමිණ පන්ති වර්ජනයක යෙදී සිටියහ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>