සරසවි සිසුන්ට කල්ඉකුත්වූ කදුළු ගෑස් ප්‍රහාරයක්
Saturday, May 20, 2017
360 View
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සයිටම් අහෝසි කිරීමේ පා ගමනට පොලිසිය විසින් ඉතා අමානුෂික ලෙස කදුළු ගෑස් ප්‍රහාර එල්ල ලදී. පොලිසිය එසේ කඳුළු ගෑස් පහර දීමට යොදා ගත් කැනිස්ටර් කල් ඉකුත් වී ඇති ඒවා බවට එහිදී අපට දැකගන්නට ලැබුණි.
එම කඳුළු ගෑස් කනිස්ටරයන්හි සඳහන්ව ඇති ආකාරයට 2004 වර්ෂයේ 12 වෙනි මාසයේ නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර වසර 5කට පසු එනම් 2009 වසරේ 12 වෙනි මස කල් ඉකුත් වී ඇත. ඒ අනුව පොලිසිය සිසුන්ට පහර දී ඇත්තේ වසර 12 කටත් පෙර නිෂ්පාදනය කර ඇති වසර 8කට පෙර කල් ඉකුත් වී ඇති භාවිතයට කිසි සෙත් නුසුදුසු අධික විශ සහිත කැනිස්ටර් වලිනි.
එම කල් ඉකුත් වූ කැනිස්ටර්වල මෙසේ සඳහන් වී ඇත.”DO NOT USE IN ANY MANNER IF CONDITIONS OR STORED SUBJECTED TO POOR STORAGE CONDITIONS OF STORED LONGER THEN FIVE YEAR FROM THE DATE MANUFACTURED”