චිලී ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ඩැනියෙල් ඇන්ඩ්‍රේඩ් පසුගියදා මාධ්‍ය සාකච්ඡාව කැදවමින් ප්‍රකාශ කලේ ශිෂ්‍යයන් හට පණවා ඇති ශිෂ්‍ය ණය ක්‍රමය අහෝසි කර දමන ලෙසටයි. ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩිව ආණ්ඩුව සහ බැංකු සමග ගැටෙන අතර ඔවුන්ගේ ඉල්ලීම් පසුගිය දිනෙක චිලි අධ්‍යාපන ඇමති ඇඩ්‍රියානා ඩෙල්පියානෝ හමුවී ඉදිරිපත් කලා.ඉන්පසු ඔවුන් ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේ සිංහල අනුවාදයයි මේ.
චිලීයේ කොපමණ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමාණයක් දැනට ශිෂ්‍ය ණය ලබාගෙන තියෙනවා ද??
දැනට ලක්ශ 5කට අධික ප්‍රමාණයක් පෞද්ගලික බැංකු මැදිහත් වී ලබාදෙන CAE කියන ණය අරන් තියෙනවා . ලක්ශ 9ක පමණ සිසුන් පිරිසක් සමස්තයක් වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. අගයක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ප්‍රමාණයකින් ශිෂ්‍යයන් ණය කරුවන් බවට පත් වී තිබෙනවා.
ඇයි ඔබලා මේ ණය ක්‍රමය අහෝසි කරන්න කියලා ඉල්ලන්නේ??
අපි නිශ්චිතවම කියනවා මේ ශිෂ්‍ය ණය ක්‍රම ලබා දීලා තියෙන්නේ ජනතාවට ශිෂ්‍යයන්ට තියෙන ආදරේකට නෙමෙයි. මේක බැංකු සහ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ට ලාභ ලබාගන්න හදපු ව්‍යාපෘතියක්. මේ ක්‍රමය යටතේ යහපතක් වෙන්නේ ඉතාමත් සුලු පිරිසකට. මෙය මහජන ප්‍රතිපත්තියක් මගින් අහෝසි කර දැමිය යුතුයි.
සිසුන් මේ සදහා ගේන යෝජනා මොනවද?
ඔව් අපි ඒ ගැන ගැඹුරින් සිතා බැලුවා. පලමුව ගෙවීමට නොහැකිව එක් රැස් වී ඇති රජය මගින් ලබාදුන් ණය ගෙවීම අහෝසි කර දැමිය යුතුයි. ඉන්පසු ශිෂ්‍ය ණය සදහා ගෙවීමට ඇති ණය පොලිය අහෝසි කර දැමිය යුතුයි. සමහර CAE ණය ලබාගත් සිසුන් තවම අධ්‍යාපන කටයුතු අවසන් කරලා නෑ. සමහරු පශ්චාත් උපාධි හදාරනවා. ඒ අයට ගෙවීමට ඇති ණය ප්‍රමාණයන් අහෝසි කර දැමිය යුතුයි .
මෙම වැඩපිලිවෙලේ කාලරාමුව කොහොමද??
අපිට පැති කීපයක් තියෙනවා බලන්න. අපි දැනට CAE ණය ක්‍රමය අහෝසි කරන්න වැඩපිලිවෙලක් ගෙනයනවා. ඒකේදි අපි ජනතාව ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරලා දෙනවා මෙම ජනතා විරෝධි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිසා ඇති වී තිබෙන ප්‍රතිවිපාක පිලිබඳව. අපි ප්‍රතිපත්ති සම්පාදනය කරලා අවසන්. නමුත් නීතිය පැත්තෙන් සොයාබැලීම මේ දිනවල සොයාබලමින් යනවා. සතියක් වැනි කාලයක් තුල අපි ඒ පිලිබඳ දැනුමෙන් සන්නද්ධ වෙනවා.
සිසුවන් මෙම CAE ණය ක්‍රමය ලබාගැනීමේදී එම පෞද්ගලික බැංකු සමග කොන්ත්‍රාත්තුව කට අත්සන් තබනවා. දැන් ඒක අහෝසි කරන්න කියන දේ යුක්ති සහගත්ද?
අපේ යෝජනා 2ක් තියෙනවා. ශිෂ්‍ය ණය නොගෙවීම සදහා යාන්ත්‍රණ තියෙනවා . අපි ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරලත් තියෙනවා . ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමිලේ බදු ගෙවන ජනතාව වෙත ලබාදිය යුතුයි. ඒක ජනතාවගේ අයිතියක්. මීට අමතරව රජයේ අරමුදල තිබෙනවා ශිෂ්‍ය ණය ලබා දීමට. මේක ජනපදයට ණයයි. මේ අරමුදල සම්පූර්ණයෙන් අහෝසි කරදැමිය යුතුයි. අපිට ඕනේ නොමිලේ අධ්‍යාපනය. අපිට ඕනේ නෑ බැංකු වලට ණය ගෙව ගෙවා ඉන්න.
ආර්ථික විශ්ලේෂකයන් කියනවා ශිෂ්‍ය ණය ක්‍රම නැති කරන්න බෑ. එහෙම උනොත් ආණ්ඩුව ට විශාල මුදලක් දරන්න වෙනවා කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නේ. ?
මේකට ආණ්ඩුව මැදිහත් වෙලා අධ්‍යාපනය විකුනන ප්‍රතිපත්තිය හකුලාගත යුතුයි. මෙතන ඉන්නවා ශිෂ්‍යයන් ලක්ශ ගණනින් ණය කරුවන් බවට පත් කරපු පිරිසක්. ඒකේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි .
ඒක හරියට බැංකුවක් බංකොලොත් වුනාම ඒකේ වගකීම රජය ගන්නවා වගේ.
ඒ කිව්වේ??
මෙහෙමයි බැංකුවක් බංකොලොත් වුනාම ඒකේ වගකීම රජයට අරගෙන ඒක ඒකෙන් අවතැන් වූ අයට වන්දි ලබාදෙනවා. ඒ වගේ මෙතනදී ජනතාව බංකොලොත් වෙලා ඉන්නේ ආණ්ඩුවේ මේ ජනතා විරෝධි ප්‍රතිපත්ති නිසා. එතකොට මේ ප්‍රතිපත්තිය ගෙනාපු ආණ්ඩුව මැදිහත් වෙලා මේකට විසදුම් දෙන්න. අපි මේ සම්බන්ධයෙන් නීතිමය පැත්ත සොයාබලනවා.
ඔයාලා ඉදිරිපත් කරන යෝජනාවේ ප්‍රතිපත්ති මොනවද?
අපේ ප්‍රතිපත්තිය තමා අධ්‍යාපනය අයිතියක්. ඒක විකුණන්න බෑ කියන එක. ඒ නිසා තමයි අපි මේ ණය උගුලෙන් ගැලවෙන්න හදන්නේ. මේ ණය ගෙවාගන්න බැරුව අධ්‍යාපනය අතඇරලා ගිය ශිෂ්‍යයන් ඉන්නවා. ඔවුන්ගේ තත්ත්වය දුක්ඛිත යි.
මෙමගින් කියන්නේ පෞද්ගලික හො රාජ්‍ය අංශයෙන් ලබාදෙන ණය ක්‍රමය අහෝසි කල යුතුයි කියලද?
ඔව් අපි ආන්ඩුවට කිය්නවා මේ ණය පොලි වලින් ලැබෙන මුදල් ඉතුරුවෙලා තියෙනවා කියන ඉතා සීමිත පාසල් ගණනක් නඩත්තු කරනවා කියන බොරුව කියන එක නවත්තන්න . නමුත් පාසලේ සිට විශ්ව විද්‍යාලයට යන සංක්‍රාන්ති කාල වලදී ශිෂ්‍ය ආධාර දීම ගැටලුවක් නෑ. නමුත් තාවකාලික වියයුතුයි.
ඔය කියන සංක්‍රාන්ති කාලසීමාව කොපමණ කාලයක් වියයුතුද?
අධ්‍යාපනය සදහා මුදල් වෙන් විය යුත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. අද වෙලා තියෙන්නේ සිසුන් CAE ණය ලබාගන්නවා පාසල් යද්දී. ඒක ගෙවන්නවෙනවා විශ්ව විද්‍යාලයට යද්දී. මේක කරන්න පුලුවන් වැඩක් නෙමේ. මේකට අධ්‍යාපන ක්ෂේත්‍රය ජනතා මුදලින් නඩත්තු වෙන ක්‍රමයකට සාදා නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුයි. අපි කියන්නේ මේ බැංකු වල මැදිහත් වීම් ඉවත් කරන්න කියලා. මේ දවස්වල ආණ්ඩුව ආයෝජනය කරන්නේ ජනතාවට කිසිම යහපතක් වෙන්නේ නැති ව්‍යාපෘති වලට. බැංකු වලින් ලබාදුන් ණය වලින් 46%ක් ආණ්ඩුව බැංකු වලට ගෙවනවා. මේක කූට උපක්‍රමයක් . බැංකු ජනතා මුදාල් කෙලින්මා කොල්ල කාලා වක්‍රාකාරව රජයේ ජනතා මුදල් ටිකා කොල්ල කනවා. මේකෙන් වෙන්නේ ජනතාව මත තව බදු බර පැටවෙන එක විතරයි.
එම CAE ණය ලබාදෙන බැංකු මේ සම්බන්ධ කතා කරන්න සූදානම් වෙයිද? ඔබලා සූදානම්ද?
ශිෂ්‍ය ව්‍යාපාරය කවදාවත් සාකච්ඡා එපා කියලා නෑ. අපි සාකච්ඡා වලට සූදානම්. හැබැයි අතරමැදි විසදුම් නෑ.
Source - එකම ලොවක් එකම අරගලයක්