පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ අත්තනෝමතික පාලනයට එරෙහි සිසුන් විරෝධතාවයක



පේරාදෙණිය කළමණකරණ පීඨය තුළ ඉකුත් 23 වැනිදා ‘ ගීතය දෘෂ්ටිවාදයකි’ නමින් ගී රස වින්දන වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් එම පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලූ පස් දෙනෙකුට පන්ති තහනම් ලබා දීමට පීඨ පරිපාලනය කටයුතු කර ඇත. මෙම පන්ති තහනම සඳහා පදනම් වී ඇති හේතු ලෙස දක්වා තිබුණේ කිසිඳු අවසර ගැනීමකින් තොරව අනවසර පුද්ගලයෙකු පීඨය තුළට ගෙනවිත් අදාළ වැඩසටහන පවත්වා තිබීමයි

 මෙහිදී සිසුන් විසින් ලිඛිතව අවස්ථා කිහිපයකදී පීඨාධිපතිිගේ අවසරය ඉල්ලා තිබුනද ඒ සඳහා පීඨයේ පීඨාධිපති දක්වා ඇති ප‍්‍රතිචාරය වී ඇත්තේ සිසුන්ට එවැනි සංවාද පැවැත්වීමට ඉඩ නොමැති බවත්  එය පීඨ පරිපාලනයට අවශ්‍ය අය ගෙන්වා පීඨ පරිපාලනයට අවශ්‍ය මාතෘකා යටතේ පමණක් සිදුවිය යුත්තක් බවයි. සිසුන්ගේ සාහිත්‍යමය හැකියාවෙන් ඔප්නැවීමේ අභිලාශය මත එම ගී රස වින්දන වැඩසටහන ඉකුත් 23 වනදා පැවැත් වූ අතර ඊට එරෙහිව ලබාදුන් පන්ති තහනමට කළමණාකරණ පීඨ සිසුන් අද (05) වන විට දින 07 ක අඛණ්ඩ පන්ති වර්ජනයක නියැලී සිටිති

පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ කලාව පරිහාණියට ගොස් ඇති බවටත්, කලාකරුවන්ට ඉඩක් ලබා නොදෙන සිසුන් ප‍්‍රජාවක් සිටින බවටත් දෝෂාරෝපන පසුගිය කාල සීමාව මුලූල්ලේම එල්ල වී තිබිය දී කළමණාකරණ පීඨ සිසුන් එක්ව සිසුන්ගේ සාහිත්‍ය හැකියාව ඔප්නැංවීමට ගත් වැඩපිළිවෙලට පන්ති තහනම් ලබා දීම හාස්‍යජනක බව එම විශ්ව විද්‍යාලයේම බොහෝ අචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ මතයයි

මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන ලෙසට අද 05 සනාථන මන්දිරය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වූ අතර ඒ පිළිබඳ විශ්ව විද්‍යාලයේ උපකුලපති සමග සාකච්චාවක සිසුන් යෙදුන නමුත් තවමත් එම ගැටලූවට නිසි විසඳුම් ලබා දීමක් සිදු වී නැත කෙසේ වෙතත් පේරාදෙණිය විශ්ව වද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති පවසා සිටියේ කළමණාකරණ පීඨ පරිපාලනයේ අත්තනෝමතික මැදිහත්වීමට එරෙහි අරගලය තව දුරටත් ඉදිරියට ගෙන යන බවය ඔහු විසින් වැඩි දුරටත් පවසා සිටියේ කළමණාකරණ පීඨය තුළ නොවිඳුනු නොයෙකුත් අධ්‍යන සහ සුභසාධන ගැටලූ පවතින තත්වයක් තුළ ශීෂ්‍යයන්ට මර්ධනය ගෙනෙන පන්ති තහනම්වලට පෙර එම සාධාරණ ප‍්‍රශ්නවලට පීඨ පරිපාලනය විසඳුම් ලබා දීමට සක‍්‍රීයව මැදිහත් විය යුතු බවයි 






















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>