"ඔබේ කුණු ඔබම අස්කරගන්න" ලන්ඩන් එලියිට් විශ්වවිද්‍යාලයේ පවිත්‍රතා සේවකයන් වැඩ වරයි.


ලන්ඩන් නුවර එලියිට් විශ්වවිද්‍යාලයේ(Elite University ,School of Economics and Political Science ) පවිත්‍රතා සේවකයන් ඔවුන්ට ලැබෙන අසාධාරණ සැලකීම් වලට විරුද්ධව වැඩ වර්ජනයකට පිවිසිලා තියෙනවා.තම ඉල්ලීම් ඉටුකරන තෙක් සතියකට දවසක් වැඩ වර්ජනය කිරීමට ඔවුන් සූදානම්.පවිත්‍රතා සේවකයන්ගේ වෘත්තිය සංගමය (UVW Union)  ඒකමතිකව ඉල්ලීම් කිහිපයක් ඉල්ලා සිටිනවා.

රෝගී දීමනාව වැඩි කිරීම,ප්‍රසූත නිවාඩු දීර්ඝ කිරීම, 
අනුමත නිවාඩු දවස් ගණන වැඩි කිර්‍රීම,  
සේවකයන්ට සම අයිතිවාසිකම්  ඇතිව වැඩ කිරීමට හැකි පරිසරයක් ලබා දීම මේ යෝජනා වේ.

2017 මාර්තු 15 ,16 දෙදින ඔවුන්ගේ පළමු වැඩ වර්ජනය පැවැත්වුනා.පවිත්‍රතා සේවකයන් හා තාවකාලික සේවකයන්ද එක්ව කළ මේ වර්ජනය නොහිතපු විදිහට අති සාර්ථක වුනා. එය කොතරම්  සාර්ථක වුනාද කියනවානම්  පාස්කු නිවාඩුවට පෙර මේ ගැටලුවට  විසදුමක් ලබා දෙන්න විශ්වවිද්‍යාලයේ පරිපාලනය පොරොන්දු වුනා.එතෙක් වැඩ වර්ජනය නවත්වන ලෙසත් වෘත්තිය සංගමයෙන් ඉල්ලා සිටියා.මේ සාර්ථකත්වය නිසා වැඩ වර්ජන ක්‍රියාවලිය දිගටම කරන් යන්න සේවකයන් තීරණයකට එලඹුනා.

තව දුරටත් වැඩි වැටුප් ලබමින්, අසාධාරණ ලෙස සේවකයන්ව නොසලකා හරින පරිපාලනයට එරෙහිව ,සියලුම සුළු සේවකයන් මේ සටනට එකතු උනා . ශිෂ්‍යයන්ගෙන් ලද අති මහත් සහයෝගය මත සේවකයන්ගේ සටන බොහෝ ශක්තිමත් වුනා.මේ නිසා ඔවුන්ගේ  ඊලඟ වර්ජන වාරය මෙම වාරයට වඩා 200% ක් සාර්ථක වන බව හැමෝම විශ්වාස කලා.

දශක  ගණනක් පහත් සැලකීම් ලැබූ සේවකයන් දැන් සම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල බිමට ඇවිත්.මෙතෙක් කල් පරිපාලනය  වාර්ෂික නිවාඩුව සදහා දින 40ක් ලැබුවත් පවිත්‍රතා සේවකයන්ට ලැබුනේ දින 28යි.ප්‍රසූත දීමනා ලෙස පරිපාලනය සති 18වැටුප සම්පූර්ණයෙන් ලබාගත්තත් සේවකයන්ට හිමි වුනේ පළමු සති 6 වැටුපෙන් 90%ක් පමණයි .මෙවන් අසාධාරණ ගොඩකට සේවකයන්ට මුහුණ දෙන්න වුනා .
සේවකයන් ඉල්ලන්නෙ , 

1)ඔවුන්ට ආත්තියෙන් තොරව සේවය කිරීමට හැකි පරිසරයක් ලබාදෙන ලෙසත් , 
2)වසර 12 තිස්සේ අයුක්ති සහගත ලෙස කඩවූ "Alba Pasmino" සේවක සම්බන්ධතාව ප්‍රතිස්ථාපනය කරන ලෙසත් වේ.

 UVW වෘත්තිය සංගමය මීට පෙරද මේ ලෙසම සටන් කර අසාධාරණ  ලෙස 75%ක්වූ සේවා කාර්ය මණ්ඩල අරමුදලේ  100% දක්වා වැඩි වීමක්  දිනාගත්තා.ඒ ලන්ඩන් නුවර සුඛෝපභෝගී සාප්පුවක් වන Harrods සාප්පු සංකීර්ණයේයි.

ඒ ජයග්‍රහණයෙන් ලද පන්නරයත් ඔවුන්ගේ වත්මන් සටනට මහත් රුකුලක් වනු ඇත.
"අසාධාරණයට එරෙහිව අරගල  නොකර ,මුණිවත රැකීමෙන් කවදාවත් සාධාරණයක් ලැබිය නොහැකියි."

පරිවර්තනය - එකම ලොවක් එකම අරගලයක් පිටුව ඇසුරිනි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>