රයන් ජයලත් සහෝරදයා නැවතත් සැප්තැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.


පසුගිය දින පැවති පාගමන් දෙකක් පදනම් කරගනිමින් ගොනුකළ නඩු දෙකක් අද කොටුව උසාවියේදී විභාගයට ගැනුණු අතර එම නඩු දෙක සදහා පෙනී නොසිටිබව චෝදනා නගමින් අද(25) වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සහෝදරයා ලබන මස 07 දක්වා රක්ෂිත බන්දනාගරගත කරන ලදී. එහිදී ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරන ලදී. 

පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුල්වී රාජ්‍ය දේපලවලට හනිකල බවට චෝදනා නගමින්රයන් ජයලත් සහෝරදයා දැනටමත් රක්ෂිත බන්දනාගරගත කර ඇති අතර එම නඩුවද නැවත කැදවීම අද දිනට යෙදී තිබුනද එම නඩුව තවමත් කැදවා නොමැති අතර පැරණි නඩු දෙකක් පදනම කරගනිමින් මෙසේ ඔහු සැප්තැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත ඇත.  


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>