ශිෂ්‍ය ක්‍රියාකාරීන් 7කට වරෙන්තු



මාලඹේ සයිටම් අහෝසි කිරිමට රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කමිටුව, අන්තර් විශ්ව්විද්‍යලයිය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය එක්ව ජනවාරි මස 19 දින පැවති පාගමන අතර තුර අධිකරණ නියෝග කඩකිරීමේ වරදට දින 07ක් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා හතර දෙනෙක් සහ සිසුවියක් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී. 

එම නඩුව අද(10) කොටුව උසාවියේ නැවත විභාගයට ගත් අවස්ථාවේ කලින් දිනක පැවති නඩු විභාගයකට පෙනී නොසිටි බවට චෝදනා නගමින් ජයවධනපුර විශ්වවිද්‍යාලයේ රොෂාන් ප්‍රියන්ජන සහ කෝෂිලා හංසමාලි පවුලේ සාමාජිකයෙකු මගින් ඇප තැබිය යුතු බව නියෝග කරන ලද අතර තවත් සිසුන් 7දෙනෙකුට අධිකරණයට පෙනී නොසිටි බව පවසමින් වරෙන්තු නිකුත් කරන ලදී.     

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>