රජරට සත්‍යග්‍රහයට දින 80 යි, පාලකයන් රටම රවටමින් සිසු ජිවීත බිලි ගැනීමට සැරසෙයි.


ආසාධාරණ ලෙස ලබා දී ඇති පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට (27) දින 80 කි. නමුත් මෙම ගැටළු වලට විසඳුම් ලබා දීම වෙනුවට මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටින්නේ ඉතා නින්දිත පිළිකුල් සහගත ආකාරයකිනි. 

මෙම සත්‍යග්‍රහය ආරම්භ කල පසු මේ වන තෙක් විශ්වවිද්‍යාල පරිපාලනය ගෙන තිබුණු ක්‍රියාමාර්ග වලින් හොඳාකාරවම පැහැදිලි වන කාරණය නම් ඔවුන්ට මෙම ප්ප්‍රශ්න විසඳා විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි. එය විශ්වවිද්‍යාල පරිපාලනයේ පමණක් නොව මෙරට වත්මන් ආණ්ඩුවේද අභිප්‍රායයි.


ඒ අනුව දින 80 ක කාලයක් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රහයෙදී අපට ලැබුණු විසදුම් මෙසේයි, සිසුන් 30 කට අධික පිරිසකට බොරු චෝදනා ඉදිරිපත් කරමින් දෙමාපියන් ගෙන්වා බිය වැද්දීම හා තර්ජනය කිරීම 
බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම. සාමකාමීව සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම (ඔවුන්ට රුපියල් 50000 බැගින් ශරීර ඇප නියම කෙරිණ) අවස්ථා දෙකකදී පොලිසිය සත්‍යග්‍රහයට පහරදීමට උත්සාහ කිරීම අද වනවිට ද විශ්වවිද්‍යාල පරිපාලනය රටට බොරු කියමින්, බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් ප්‍රශ්න වලට විසදුම් ලබා දීම වෙනුවට සිසුන් තවදුරටත් පීඩනයට පත් කරමින් සිටී. ඊට හොඳම උදාහරණය නම් අත්අඩංගුවට ගත් සිසුන් 8 දෙනා සම්බන්ධ නඩුව ඊයේ(26) යලි කැඳවූ අවස්ථාවේ නීතීඥයකු මාර්ගයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය උසාවියට දන්වා සිටියේ මේ වන විට පන්ති තහනම් 27 සම්බන්ධයෙන් අභියාචනා මණ්ඩලය පත් කර ඇති බවත් සිසුන් ඊට සහභාගී නොවන බවත්ය. නමුත් පන්ති තහනම් වූ සිසුන්ට අභියාචනා භාර දී මාස කිහිපයක් ගත වුවද අහියාචනා මන්දයක් සම්බන්ධයෙන් අද වනතුරු කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කොට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කල හැකිය. ඒ අනුව අධිකරණය ඉදිරියේ රටටටම බොරු ප්‍රකාශ නිකුත් කරන තත්ත්වයකට පරිපාලනය හා අධ්‍යාපන බලධාරීන් පත්ව සිටී.

එසේම මේ සත්‍යග්‍රහය සම්භන්ධයෙන් දිගින් දිගටම විශ්වවිද්‍යාල පරිපාලනය පොලිසියට බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් මෙය වැලක්වීමට උත්සාහ කරන්නේ සිසුන් ඔවුන්ගේ පෞද්ගලික දේවලට ඇඟිලි ගැසුවාක් වැනි චේතනාවකිනි. එම බොරු පැමිණිලි යොදා ගනිමින් මේ වන විට රජයේ ඇතැම් මාධ්‍ය මහා ශිෂ්‍ය සංගමයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. එහිදී ඉදිරිපත් කරන කාරනා අනුව මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පත් වන අපහසුතාවන්ට හා ඉදිරියට මුහුණ දීමට සිදු වන යම් ගැටළුකාරී දේවලට එම මාධ්‍ය ආයතන වගකිවයුතුය. එසේම එම මාධ්‍ය ආයතන කිසිඳු මොහොතක අප නිකුත් කරන මාධ්‍ය නිවේදනයක් කොටසක් හෝ පල කිරීමට කටයුතු නොකළ අතර විශ්වවිද්‍යාලයේ සිසුන් පරිපාලනය නිසා පීඩාවට පත්ව ඇති අයුරු කිසිඳු මොහොතක වාර්තා කලේද නැත. 

මෙවන් මර්දනයක් ක්‍රියාත්මක කරමින් ප්‍රශ්න විසඳීම වෙනුවට සිසු ජීවිත බිලිගැනීමේ ක්‍රියාපිළිවෙතක් ගෙන යන්නේ මෙරට ආණ්ඩුව සහ විශ්වවිද්‍යාල පරිපාලනයයි. එම නිසා මේ මර්දනය හමුවේ මෙම අරගලය නැවත්වීමට රජරට සිසුන් සුදානම් නැත. අදාළ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන තුරු අප දිගින් දිගටම සටන් කිරීමට සුදානම්ය.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>