නේවාසිකාගාර අර්බුදය වහා විසදනු!


කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලුව මුල් කරගනිමින් අද දින කැලණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝශණයක් පැවැත් විය. පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම උද්ඝෝශණය නුවර කොළබ මාර්ගය ඉදිරිපිටට පැමින නැවතත් පරිපාලන  ගොඩනැගිල්ල ඉදිරි පිටට පැමිනියේය. 
  වාර්ශික ආදායම රු.48000ට වඩා අඩු පවුල් වල සිසුන් සදහා පමනක් නේවාසිකාගාර ලබාදීමට පරිපාලනය තීරනය කිරීම හේතුවෙන් මොනරාගල, ත්‍රිකුනාමලය ,අනුරාධපුර වැනි 100 kmත් වඩා දුර  ශිෂ්‍යාවන් 400කට පමන  නේවාසිකාර අහිමි වී ඇත.    


පෙර බාහිර තිබූ ශිෂ්‍යාවන් 1200ක් පමන සිටිය හැකි කාන්තා නේවාසිකාරයේ ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් ,ශිෂ්‍යන් 400ක් පමන සිටිය හැකි අභ්‍යන්තර පිරිමි නේවාකාගාර වලට මාරු කිරීම නිසා ශිෂ්‍යාවන් 800කට පමන නේවාසිකාගාර අහිමි වීම මෙම ගැටළුව නිර්මානය වීමට හේතුව වේ.    

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>