පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මගින් ක‍්‍රියාත්මක කරන ‘‘පැහැසර අරණ’’ සමාජ සත්කාර වැඩසටහන යටතේ සංවිධානය කරන ‘‘ සම සෞඛ්‍ය සුව සහන යාත‍්‍රා’’ සෞඛ්‍ය කඳවුරු මාලාවේ පළමු වැන්න පසුගිය 15 වැනිදා දවස පුරා කෑගල්ල රංවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වුණි. මෙහිදී ප‍්‍රදේශවාසින් විශාල පිරිසකට භෞතචිකිත්සක ප‍්‍රතිකාර, රුධිරගත සීනි පරික්‍ෂාව, රුධිර කොලෙස්ටරෝල් පරික්‍ෂාව, විකිරණ පරීක්‍ෂණ පිළිබඳ දැනුවත් කිරීම, ඖෂධ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම හා උපදේශන සේවා යනාදී සෞඛ්‍ය සේවා සැපයීම සිදු කෙරිනි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සඳහා ප‍්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා මහජනතාවගේ සහයද නොමඳව ලැබුනි.
සමාරම්භක අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් මහතා අදහස් දක්වමින් :
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මගින් ක‍්‍රියාත්මක කරන ‘‘පැහැසර අරණ’’ සමාජ සත්කාර වැඩසටහන යටතේ සංවිධානය කරන ‘‘ සමසෞඛ්‍ය සුව සහන යාත‍්‍රා’’ සෞඛ්‍ය කඳවුර මේ විදියට අද දිනයේ සංවිධානය කරන්නේ අරමුණු කීපයක් ඇතිව.
පළමු කාරණය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වන අපි අධ්‍යාපනය ලබන්නේ රටේ මහජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් වලින්. ඒ නිසා රටේ මහජනතාව වෙනුවෙන් කළයුතු සේවය පිළිබඳ විශාල වගකීමක් සරසවි ශිෂ්‍යයාට තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර තුරදී ලැබෙන සුලූ විවේකයේදී මහජනතාව වෙනුවෙන් කළ හැකි සේවය ඉටු කිරීම.
අනෙක සමසෞඛ්‍ය උපාධිධාරියෙක් විදියට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් රැකියා සඳහා ඇතුල් වුනාම අනෙකුත් සියලූ සෞඛ්‍ය වෘත්තිකයන් සමග කටයුතු කරන්න වෙන්නේ එකම කණ්ඩායමක් විදියට. ඒ කියන්නේ වෛද්‍යවරු, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන්, රෝහල් කාර්යය මණ්ඩලය හා අනෙකුත් සුලූ සේවකයින් සියළු දෙනා එකතු වෙලා තනි කණ්ඩායමක් විදියට තමයි කටයුතු කරන්නේ. ඉතින් රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා මේ සියලූ දෙනා අතර හොඳ සම්බන්ධතාවයක් තිබීම වැදගත්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියට මේ කණ්ඩායම් අත්දැකීම ලබා ගැනීමත් මෙහි අරමුණක්.
මෙහි තවත් අරමුණක් තමයි සමසෞඛ්‍ය උපාධි කියන්නේ මොනවාද, ඒ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඉටුකරන සේවය මොනවගේද කියන එක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. ඒ කියන්නේ සමසෞඛ්‍ය උපාධි වල වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් මෙහි එක් අරමුණක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මගින් ක‍්‍රියාත්මක කරන ‘‘පැහැසර අරණ’’ සමාජ සත්කාර වැඩසටහනේ දෙවන අදියර ලෙෂ මෙලෙස ‘‘ සමසෞඛ්‍ය සුව සහන යාත‍්‍රා’’ සෞඛ්‍ය කඳවුරු සංවිධානය කරන ලදී. මීට පෙරදීද 2013වසරේ අපොස සා/පෙළ සඳහා මුහුණ දෙන සිසුන් වෙනුවෙන් සම්මණ්ත‍්‍රණ මාලාවක් කෑගල්ල කොබ්බෑවල කීර්තිරත්න මහා විද්‍යාලයේදී සංවිධානය කරන ලදී.
මේ වන විට ආණ්ඩුව සම සෞඛ්‍ය උපාධිය වසර තුනක්දක්වා කප්පදු කර එහි ගුණාත්මක භාවය බාල්දු කිරීමට කටයුතු කර ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුහු ඊට විරුද්ධව සත්‍යග්‍රහයකද නිරතව සිටිති.