පළමුව අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනා රාත‍්‍රී 9ට පමණ කොළඹ අළුත්කඬේ මහේස්ත‍්‍රාත් හමුවට පමුණුවන ලද අතර එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ මෙම මස 19 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙසයි.
පසුව අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් 13 දෙනා ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නිවසේදී කොටුව මහේස්ත‍්‍රාත් හමුවට පත්කළ අතර එහිදීද නියෝග කළේ මෙම මස 19 දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙසයි.
කෙසේ වෙතත් මෙහිදී සිසුන්ට විරුද්ධව ගොනුකර තිබූ චෝදනාව වූයේ ‘පොලිස් රාජකාරියට බාධා කිරීම’ යන්නයි. තවද එහි දී කිසිම ශිෂ්‍යයකුට එරෙහිව පෙර වරෙන්තු කිසිවක් ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් විය.