අද දින ප.ව.7ට පමණ රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගම් ලේකම් ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරින් 8 දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. සිසුන් නේවාසිකාගාරය බලා යමින් සිටි බස් රථය නවතා අවි ආයුධ සහිතව පැමිණි මැරයන් විසින් සිසුන්ට පහර දී තිබේ. මෙම පහර කෑමට සිදු වූ සියළු සිසුන් ශිෂ්‍ය නායකයින් වන අතර මෙම පහර දීම ඉතා පැහැදිලි ලෙස ශිෂ්‍ය නායකයින් ඉලක්ක කර සැලසුම් සහගත සිදු කෙරුනු පහර දීමක් වේ.
දැයට කිරුළ සංදර්ශනය රුහුණ විශ්වවිද්‍යාල භූමියේ පැවැත් වීමට ශිෂ්‍යන් ඉඩ නොදීම හේතුවෙන් පසුගියදා ආණ්ඩුව මැරයන් යොදා සරසවි සිසුන්ට පහර දී සිසුන්ට තර්ජනය කළ අතර මෙම පහර දීමද ආණ්ඩුවේ එම පහර දීම් වල එක් පියවරකි. සිසුන්ට පහර දුන් මැරයන් අත් අඩංගුවට ගැනීම වෙනුවට සරසවිය දින 20ක් වසා දැමූ අතර සිසුන්ට පහර දුන් කිසිදු මැරයෙකු මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැත.
උසස් අධ්‍යාපන අමාත්‍ය දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනේ දැයට කිරුළ රුහුණ විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වීමට ඉඩ ලබා නොදුන්නොත් සරසවි සිසුන්ට මෙන්ම ඔහුන්ගේ දෙමාපියන්ටද හැංගෙන්න තැන් සොයා ගන්න වෙන ලෙසයි. මෙම පහර දීම් ආණ්ඩුවේ එම ප්‍රකාශයන්ගේ ක්‍රියාකරීත්වයයි.
මෙය ආණ්ඩුව විසින් සිදු කරන ශිෂ්‍ය මර්ධනයේ එලිපිට සිදු කරන ක්‍රියාකාරිත්වයයි.