- අධ්‍යාපනය විකිණීම නවතනු!මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
- පාසල් තුලින් සිදු කරන මුදල් අය කිරීම නවතනු!
- සරසවි තුල පාඨමාලා විකිණීම නවතනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරනු ලබන විරෝධතා බැනරය අත්සන් කිරීම අද(06) දිනය පුරා අනුරාධපුර නගරයේදී පැවැත්විණ.
මෙහිදී අධ්‍යාපනය විකිණීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කෙරිණ. මේ සඳහා අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාව, පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් එක් විය.