මහපොළ වැඩි කළාද? වැඩි කරන්න සිද්ද වුණාද?


පසුගිය 24 වෙනිදා අයවැය කියවද්දි ජනාධිපතිතුමා මහා උජාරුවෙන් කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට දෙන මහපොළ රුථ 4000ක් කරනවා කියලා. ඊට පස්සේ ආණ්ඩුවේ ඇමතිවරු කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට තිබෙන ආදරේ නිසා මහපොළ වැඩි කලා කියලා. සමහරු කිව්වේ ”ජනාධිපතිවරනය ලගයිනේ ඒක නිසා වැඩි කළා කියලා.”
හැබැයි මේ හැම කතාවකටම උත්තරයක් අපිට තියෙනවා. අපි කියනවා ශිෂ්‍යයෝ සටන් කරපු නිසා තමයි මහාපොළ වැඩි කලේ. මේකේ තීරණාත්මක සටන අපි 21 වෙනිදා පාර්ලිමේන්තුවට ගිය දැවැන්ත පාගමන. මීට කලින් ආණ්ඩුව මහපොළ නැති කරන්න ඒ වෙනුවට ශිෂ්‍යයින්ට ණයක් දෙන්න වගේ කතා තමයි කිය කිය හිටියෙ. ඔක්තෝම්බර් 8 වෙනිදා  SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට රු.10000ක් පොලි රහිතව ණයක් ලබා දෙනවා  රැකියාවක් කරන කාලෙක ගෙවන්න. සිසුන්ගේ අවශ්‍යතාව පරිදි මාසිකව රු.5000, 7500 හෝ 10000 වශයෙන්  ණය ලබා ගැනීම සඳහා වෙනම අරමුදලක් පිහිටුවීමට අමාත්‍යාංශය සූදානම් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් මහපොළ භාරකාර අරමුදලින් ලබා ගන්නා බවත් මේක අයවැයට ඇතුළත් කිරීමට නියමිත බවත් කිව්වා. හැබැයි මේ කතාව වෙනුවට අයවැයේදි ආණඩුව මහපොළ රුපියල් 4000ක් කරල තිබුණා. එතකොට ඇයි ආණ්ඩුවේ අර ණය දෙන කතාව වෙනස් වුණේ. ඒකට හේතුව ශිෂ්‍යයෝ සටන් කරපු නිසා මහපොළ වැඩි කරන්න කියලා, දැවැන්ත පා ගමන් ගිය නිසා ඒක තමයි ඇත්ත කතාව.
ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ආදරේ කතාවනම් මහා විහිළුවක්. මේ ආදරේ අවුරුදු 9ක් තිස්සේ කොහෙද තිබ්බේ කියලා තමයි අපට අහන්න තියෙන්නේ. අනික තමයි තමයි ජනාධිපතිවරණය නිසා කියන කතාව, ජනාධිපතිවරණ නෙවෙයි මහා මැතිවරනත් කියක් තිබ්බද මේ අවුරුදු 9 ඇතුලත?. ඒ එකකදිවත් මහපොළ වැඩි කලේ නෑ. 
අපි මහපොළ රැුපියල් 5000ක් කරන්න කියලා සටන් කළෙත් අවමයක් විදියට ඒත් රුපියල් 4000ක් ප‍්‍රමාණවත් නෑ. තවම පළමු වසර කණ්ඩායම් වලට මහපොළ හම්බවෙලා නෑ. මහපොළ හම්බවෙන ප‍්‍රමාණය මුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රමාණයෙන් පහෙන් එකකටත් අඩු ප‍්‍රමාණයක් ඒක නිසා මහපොළ සටන ඉවර නෑ. මේ ඉල්ලීම් දිනාගන්න අපිට සටන් කරන්න වෙනවා. 
සටන් කරලා දිනන්න බෑ කියපු මේ පාලකයින්ට, මේ සමාජෙට අපි නැවත වතාවක් සටන් කරලා දිනන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඒක නිසා සටන් කරන්න සටන් කරල දිනන්න පුලූවන් කියල අපි ඔබට කියන්වා.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>