අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු අද(25) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.ඒ පසුගිය අප්‍රේල් 29 වන දින භික්ෂු බලමණ්ඩලය මඟින් පැවැත් වූ පා ගමනක් හේතුවෙන් පොදු දේපළවලට හානි සිදු වූවායැයි කියන චෝදනාව මත වේ. සිරගත කළ අනෙක් හිමිවරු වන්නේ සූරියවැව සුසීල හිමි, මහගල්වැව රාහුල, මෝදරවානේ විපුලසිරි හිමි යන හිමිවරුන් වේ.