රට තුල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විටත් 63 දෙනෙකු මරණයට පත්ව ඇත. 144 දෙනෙකු අතුරුදහන්ව ඇත. මහාමාර්ග රැසක්ද ගමනාගමන කටයුතු සිදු කල නොහැකි ආකාරයෙන් ජලයෙන් යට වී හෝ කැඩී ගොස් ඇත.
ජලයෙන් යට වූ හා නාය ගිය පෙදෙස් වල භෝ දෙනා රැදී සිටිනුයේ අවතැන් කඳවුරු වලය. නැතිනම් තවමත් ඉන්නට හෝ තැනක් නැත. මෙවැනි තත්ත්වයක් තිබියදී විවෘත විශ්වවිද්‍යාලය තුල විභාග පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව විද්‍යා පීඨයේ පරිඝනක විද්‍යා අධ්‍යනාංශයේ විෂයකට අදාළ විභාග කටයුතු ඊයේ(19) දිනයේදී පවත්වා ඇත. පවතින තත්ත්වය හේතුවෙන් විශාල සිසු පිරිසකට විභාගය සඳහා පැමිණීමට නොහැකි වී නිසා විභාග දිනය කල් දමන ලෙස සිසුන් පීඨාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ආපදා තත්වය හේතුවෙන් අවතැන් වුවන්ට සහන සැලසීමට භෝ දෙනෙකු විවිධ මටටමේ මැදිහත් වීම් සිදු කරමින් සිස්ටීන විට මෙවැනි තීරණයක් හෝ ගැනීමට තරම්වත් නොසිතන පරිපාලනය සිසු ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන ප්‍රමාණය හා යාන්ත්‍රික මිනිසුන් නිර්මාණය කරන අවත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ද අපට අදහසක් ගත හැක.