
"ගෙදර යන්න බලාගෙන හිටපල්ලා " යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ මාර්ෂල් සිසුන්ට තර්ජනය කර ඇත. එසේ තර්ජනය කොට ඇත්තේ පළමු වසර සිසුන් සමඟ කතා බහ කරමින් සිටින ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වෙමිනි. ඒ අනුව මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් දෙදෙනෙකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව ඇත හිටුවීමටද විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කර ඇත. ඒ අදාල ආරක්ෂක අංශ නිලධරියගේ පැමිණි මතයි.
අප අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස නවක වාදයට කිසිඳු අකාරයකින් එකඟ නොවන අතර නවක වදය නමින් හඳුන්වන පසුගාමීත්වයන්ට හා ප්‍රචණ්ඩත්වයට එකඟ නොවන අතර එම පසුගාමී ලක්ෂණ තුරන් කිරීම සඳහා වන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරමින් සිටී. නමුත් මේ වනවිට නවක වදය නම් සිදු වීම් පදනම් කරගනිමින් ශිෂ්‍ය මර්දනය කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් බොරු චෝදනා මත සිරගතව සිටිනුයේ මෙකි මර්දනයේ ප්‍රතිපලයක් ලෙසයි. එසේම නවක සහෝදර සහෝදරියන් සමඟ කතා බහ කරමින් සිටීම වරදක් බවට පත් කරමින් මේ වන විට සබරගමුව සරසවියේ සිසුන් දෙදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර ඇත. නවක වද පනත ක්‍රියාත්මක කල යුතු යැයි පවසන භෝ දෙනෙකු දැන් මේ සම්බන්දවද අදහස් දැක්විය යුතුය.