
කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ සහෝදරියන්ට රැස්වීම් ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. කාන්තා නේවාසිකාගාරවල පමණක් නොව සියලූ නෝවාසිකාගාරවල සිසුන්ට මහා ශිෂ්‍ය සංගමය, පීඨ ශිෂ්‍ය සංගම් වශයෙන් රැස්වීම් පැවැත්විම සාමාන්‍යයෙන් සිදු වන්නකි.
නමුත් කාන්තා නේවාසිකාගාරවල රැස්වීම් පැවැත්වීමට යාමේදි අවස්ථා කිහිපයකදිම ප‍්‍රධාන ආරක්ෂක නිලධාරින්, උප ශාලාධිපති වරුන්, විශ්වවිද්‍යාල පරිපාලනයේ දැඩි බාධා කිරිම් සිදු විය. නමුත් එම සැම අවස්ථාවකදිම නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ගෙන් ඔවුන්ට එල්ල වු විරෝධතා හේතුවෙන් රැස්වීම වැලක්වීමට නොහැකි විය.
ඒ අනුව මේ වන විට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය හිටපු සභාපති, සහෝදරවරුන්ට හා මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සගරා සංස්කාරක සහෝදරියට කාන්තා නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුලූ වීම හා සාපරාධි බිය ගැන්වීම යන චෝදනාව යටතේ නඩු පවරා ඇත .
මෙහි හාස්‍ය ජනකම කාරණය නම් අදාළ නේවාසිකාගාරයේ නේවාසිකව සිටින 4 වන වසර සහෝදරියකට(හිටපු සගරා සංස්කාරක) නේවාසිකාරගරයට අයුතු ලෙස ඇතුලූ වීම යන චෝදනාව යටතේ අධිකරණයට කැඳවා ඇත.
ඒ අනුව මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය තුළ සිසුන් ඒකාරාශි වීම යනු මෙරට නීතියට අනුව වරදකි.