- මාර්තු 11 වනදා ප්‍රථම වසර සිසුන්ගේ විෂයන් තෝරා නිදහස තහවුරු කරනු ලෙස පරිපාලනයට බල කිරීමට යොදා තිබු සත්‍යග්‍රහය සදහා සිසුන් ඒකරාශී වෙමින් සිටි ස්ථානයට පැමිණි ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂකවරයා සහ පැට්‍රික් රත්නායක ආචාර්යවරයා ඊට බාධා කිරීමත් සමග ඇති වූ තත්වය පදනම් කර ගනිමින් සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම.
- අප්‍රේල් 26 වනදා ජලයට බැක්ටීරියා මුසුවී ඇති බව පවසමින් නේවාසිකාගාර වලින් සිසුන් ඉවත් කිරීම(සොයාගත් බැක්ටීරියාවක් නොමැත)
- අප්‍රේල් 28 වනදා අනවසරයෙන් විශ්වවිද්‍යාල භුමියේ රැදී සිටියා යැයි පවසමින් සිසුන් 3 දෙනෙකුට නඩු පැවරීම.(ඒ වන විටත් විශ්වවිද්‍යාල භුමිය තහනම් බව නිවේදනය කර නොතිබූ අතර එසේ නිවේදනය කලේ ඒ දින සවසය.)
- අප්‍රේල් 28 වනදා දෙවන වසර සිසුන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිසියට කැදවීම.(නවකවදය සම්බන්ධ පැමිණිල්ලකට කටඋත්තර ලබා ගැනීමට)
- මැයි 02 වනදා වෙනුර නේවාසිකාගාරයේ අනවසරයෙන් රැදී සිටියා යැයි 13 දෙනෙකුට නඩු පැවරීම.
- මැයි 05 වනදා ශිෂ්‍යාවන් 4 දෙනෙක් සහ ශිෂ්‍යන් 3 දෙනෙකු නවකවද චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම.
- මැයි 12 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම.
- අත්අඩංගුවට ගත සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම.
- මර්දනයට එරෙහිව සමාජ ජාල වෙබ් අඩවි වල අදහස් පළ කල ප්‍රථම වසර සහෝදර සහෝදරියන් 20 දෙනෙකුගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට කැදවා තර්ජනය කිරීම හා බියවැද්දීම.
- දෙවන වසර සහෝදර සහෝදරියන් 30 දෙනෙකුගේ නිවෙස්වලට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කිරීම.
- සහෝදර සහෝදරියන් 17 දෙනෙකුගේ තොරතුරු ලබා ගැනීමට යැයි පවසමින් නිවෙස්වලට පොලිසිය ගොස් තර්ජනය කිරීම.
- ජුනි 8 වනදා තෙවන වසර ශිෂයයෙකුට පැට්‍රික් රත්නායක ආචාර්යවරයා පහර දීම.
- ජුනි 8 වනදා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ මහා ශිෂ්‍ය සංගමය මගින් ගනු ලබන රැස්වීමට විනයාරක්ෂක නිලධාරීන්,පැමිණ බාධා කිරීම හා ඒ සම්බන්ධයෙන් බොරු චෝදනා යටතේ ජුලි මස 5 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසාවි කැදවීම.
- ජුනි 14 වනදා නැවත අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයේ රැස්වීම් ගැනීමට පරිපාලනය බාධා එල්ල කිරීම සහ බොරු චෝදනා කරමින් උසාවි කැදවීම.
- බුලුගහ හන්දියේ කාන්තා නේවාසිකාගාරයේ රැස්වීම් ගැනීම හේතු කර ගනිමින් එම නෙවසිකගරයේම සහෝදරියන් 4 දෙනෙකුට නේවාසිකාගාරයෙන් ඉවත් වන්නැයි පරිපාලනයෙන් දැන්වීම.
- මංජුසාව කළා උළෙලට සම්බන්ධ වන ප්‍රථම වසර සිසුන්ට නේවාසිකාගාර අහිමි කරන බවට තර්ජනය කිරීම.
දෙනවා කිව්ව ප්‍රජාත්‍රන්තවාදය මේකද ?