මාළමේ SAITM එපා! හෙට අනිද්දා විරෝධතා



මාළඹේ SAITM  හොර උපාධි කඩය අහෝසි නොකර එය නීති ගත කිරීමට ආණ්ඩුව මැදිහත් වී මේ වන විටත් කුමන්ත‍්‍රණකාරි වැඩ පිළිවෙළක් දියත් කරමින් පවති. ඒ අනුව ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාවට තර්ජනය කර එහි අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව උත්සහා දැරීය. ඒ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත් විමෙනි. ඒ අනුව  එළෙඹේන 5 වන දා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ මැදිහත් වීමෙන් මාළඹේ SAITM  ආයතනය මගින් ගොණු කොට ඇති නඩු දෙක විභාග කිරීමට නියමිතය. ඒ අනුව මේ වන විටත් මෙම කුමන්ත‍්‍රණයට එරෙහිව හා සටන් කරන සිසුන් මර්දනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුලූ වෛද්‍ය සංගම් කිහිපයක් ජුලි  මස 4 වන දා සංකේත  වැඩ වර්ජනයක්  කැඳවා ඇත. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාර කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් ජුලි 4 වන දා සියලූ වෛද්‍ය පිඨ ඉදිරිපිට හා විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්විමට තීරණය කර ඇති අතර ජුලි මස 5 වන දා වෛද්‍ය සිසුන් සංකේත පංති වර්ජනයක් හා නිහඩ විරෝධතාවයක  නිරත වීමට නියමිතයි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>