
විශ්වවිද්‍යාල පරිපාලනය කාන්තා නේවසිකගරවල විධිමත් ආරක්ෂක පද්ධතියක් පවත්වා ගෙන යාමට අසමත්ව ඇත.මෙම හේතුව නිසා ශිෂ්‍යාවන්ගේ ජිවිත පිළිබද අවදානම් සහගත තත්වයක් මතුව ඇත.මන්ද ජංගම දුරකථන 8 ක් සොරකම කිරීමට නේවාසිකාගාරයට ඇතුලු වූ කෙනෙකුට ඊලග මොහොතේදී වෙනත් ඕනෑම කටුත්තකට එයට ඇතුල් විය හැකිය. ඒ අනුව සිසුවියන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් දීර්ඝ කාලයක් තිස්සේ නෙවසිකගරවල ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අරගලයක නිරත වී සිටි. නමුත් මේ වන විටත් ඊට විසදුම් ලබා දීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය අසමත්ව ඇත. ඉල්ලීම් වලට විසදුම් දෙනවා වෙනුවට ඉල්ලීම් දිනා ගැනීම සදහා සිදුකරන අරගල මර්දනය කරමින් ඊට නායකත්වය දෙන ශිෂ්‍ය ක්‍රියාකාරින්ට තර්ජන සහ බියවෙදීම් කරමින් සිටි.අදලා සිදුවීම සම්බන්දයෙන් විරෝධය පළ කිරීමක් සිදුනොකරන ලෙසත් ඒ වෙනුවට නැති වූ ජංගම දුරකථන සදහා විශ්වවිද්‍යාල පරිපලනයෙන් මුදල් ගෙවිය හැකි බව පවසා සිසුවියන් විරෝධතාවයට සම්බන්ධ වීම වැලක්වීමට විශ්වවිද්‍යාල පරිපාලනය කර තිබේ.