මේ සමාජ ක්‍රමය වෙනස් කරන අරගලයක් නොකර මෙය අපිට විජයග්‍රහණය කිරීම දුෂ්කරයි. එක තමයි ඉතිහාසය විසින් අපිට නැවත නැවතත් ගම්‍ය මාන කරලා තියෙන්නේ.. ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් නිමල් කරුණාසිරි සහෝදරයා.සයිටම් විරෝධී සිසු ජන රැලියේදී


ගෞරවණීය ස්වාමීන්වහන්ස, සියලුමදෙනාගෙන් අවසරයි.මට මෙතන ඉන්න කොට මතක් වෙනවා මීට අවරුදු 25කට විතර ඉස්සරහා අපි ඉතිහාසයේ එක දවසක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත්  අන්තර් විශ්ව විශ්විද්‍යාල භික්ෂු බලමණ්ඩලයත් එකතු වෙලා, මේ වගේම රාගම වෛද්‍ය පීඨයක් ආරම්භ කරලා මුදලට වෛද්‍ය උපාධිය  විකුණන එකට විරුද්දව ජනසතු කරන්න කියල එදා හිටපු ශිෂ්‍යයෝ, ජනතාව එකතු වෙලා කරපු අරගලය අපිට අද මතක් වෙනවා.
ඉතිහාසයේ ඕනෑම සිදුවීමක් දෙවතාවක් එක අකාරයකින් සිදුවෙනවා නම් වතාවක් එය ආශ්චර්යක් ලෙසත් අනෙක් වතාවේ එය විකාරයක් ලෙසද පෙන්නුම් කරන එක මේ මොහොතේත් අපිට රාගම, සයිටම් ආයතන හරහා මුදලට අධ්‍යාපනය විකිණීමේ බරපතල කාරනාව ගැන නැවතත් සිහිගන්වනවා.
ඒ වගේම අපි දන්නවා අපිට අපි හැම කෙනෙක්ම කල්පනා කලයුතු දෙය තමයි රටකට ආණ්ඩුවක් ඕනෑ කිව්වට ආණ්ඩු පත්කර ගත්තට  පස්සේ හිතෙනවා රටකට ආණ්ඩුව හරි කරදයක් කියලා.මොකද ශ්‍රී ලංකාව වගේ අඩු දියුණු රටවල දේශපාලඥයෝ හිතන්නේ ඒ රටේ ඉන්න ජනතාව අලීම අලි ගොන්නු කියල. එක වෙලාවකට එකේ පොඩි සාධාරණ බවකුත් තියෙනවා. මොකද දේශපාලඥයෝ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ජනතාවට සුරපුරයක් නිර්මාණය කරලා බලය ගත්තට පස්සේ ඒ ආණ්ඩු කරන්නේ තමන්ගේ පන්තියට තමන්ගේ ලගින් ඉන්න සුළු පිරිසකගේ අවශ්‍යතා ඉටු කිරීමක්. ඒ නිසා තමයි  අපිට අද දවසේ නැවත වතාවක් ඉතිහාසයේ අධ්‍යාපනය විකිණීමට එරෙහිව කල අරගලය නැවත නැවතත් කිරීමට සිදුවෙලා තියෙන්නේ.දැන් අපි කියන්නේ, දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුව. යහපාලනය පිලිබඳ මුලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ යහපාලනය පිලිබඳ විද්‍යායතනය. එම ආයතනය පැහැදිලි කරපු විදියට යහපාලනය පිලිබඳ මුලික මුලධර්ම 32ක් තියෙනවා. අඩු ගානේ රජයක් උනාම එයින් 6ක් වත් අනුගමනය කරන්න ඕනේ කියලා තමයි කියන්නේ.
පලවෙනි එක තමයි  ජනතාව ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවහම ඒ ප්‍රශ්න විනිවිද භාවයකින් යුක්තව එය සාධාරණව යුක්ති සහගතව ඊට කඩිනම් විසදුමක් දෙන්න ඕන. හැබැයි අපි දන්නවා පැවැතිච්ච හෝ පවතින කිසිම ආණ්ඩුවක් එවැනි දෙයක් පිලිබඳ කියන්නේ මොකක්ද, අපිට මහජනය බලය දීලා තියෙනවා අවුරුදු 5කට අපි යකෙකුට වත් බය නෑ කියලා. ප්‍රශ්නය තියෙන්නේ අපිට අද දුක, එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්දව කථා කරපු ඒ වෙනුවෙන් පෙනීහිටපු ඇමතිවරයෙක් තමයි අද සෞඛ්‍ය ඇමති. අද ඔහු කියනවා එදා අපිට තේරුනේ නැති නිසා, දැන් තේරෙනවා. දැන් පෞද්ගලික අධ්‍යාපනය ක්‍රමය හොදයි කියලා. ඒවගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා මහජනතාවට එකක් පෙන්නලා වෙන දෙයක් පෙන්නන රොත්තක්ම. ඉතින් ඒ නිසා අපි නැවත නැවතත් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් නොවෙන්නටනම් ඇත්තටම සිද්ධියෙන් සිද්ධියට අරගල කරනවා වෙනුවට මේ සමාජ ක්‍රමය වෙනස් කරන අරගලයක් නොකර මෙය අපිට විජයග්‍රහණය කිරීම දුෂ්කරයි  කියන එක අකමැත්තෙන් වුවත් මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ.  එක තමයි  අපිට ඉතිහාසය විසින් අපිට නැවත නැවතත් ගම්‍ය මාන කරලා  තියෙන්නේ. අපි දන්නවා අධ්‍යාපනය සෞඛ්‍ය මව් සෙනෙහස විකුනන්න බෑ.  දැන් සමහරු කියනවා කෘතීම ගර්භාෂ ලෝකයක් ගැන. එහෙම සංකල්පයක් නිර්මාණය කරලා මව් සෙනෙහස මුදලට ගන්න ඕනේ කියල.මේ ප්‍රශ්නය මුල් කරගන සමාජය විසින් මේ මිනිස්සුන්ගේ සදචාරය,ශිෂ්ටාචාරය හා සීයළුම හොඳ අකමුල් යහපත් අක්මුල් සිදබිදලමින්  තිබේනවා. එහෙත් අපි පැහැදිලිවම කියනවා මව් සෙනෙහසත් අධ්‍යාපනයත් සෞඛ්‍යත් විකුණන්න බෑ. මං හිතන්නේ එක පැහැදිලි කරගන්න පැයක් විතර යන කාරණයක්. ඔබට තෙරෙන්නේ නැති වෙයි ඇයි එහෙම විකුනනේ ඇයි හවස 6න පස්සේ දොස්තරලා ඉන්න  නිසා සල්ලි වලට ප්‍රතිකාර ගන්න අපිට පුළුවන් නේ සෞඛ්‍ය සල්ලි වලට ගන්න කියල. එහෙම නැත්නම් ටියුෂන් මාස්ටර්ලා,  මාලබේ සයටම් වගේ ආයතන තියෙන නිසා අපිට අධ්‍යාපනය සල්ලි වලට ගන්න  පුළුවන් කියල.නෑ ඒ තුනම අතිශය සංවේදී කාරනා.හොද ගුරුවරයෙක් වෙන්න බැ සල්ලි කේන්ද්‍ර කරගත්ත මිනිහෙකුට, හොද අම්ම කෙනෙක් වෙන්න බැ සල්ලි කේන්ද්‍ර කරගත්ත මිනිහෙකුට,හොද දොස්තර කෙනෙක් වෙන්න බැ සල්ලි කේන්ද්‍ර කරගත්ත මිනිහෙකුට සෙනෙස්හසක් නැති කෙනෙකුට. ඒ නිසා මතක තියාගන්න මේවා මුදලට විකුනන්න බැරි  දේවල්. මේවා මිල කරන්න බැරි දේවල්. මේවට තියෙන්නේ වටිනාකමක්. ඒ නිසා අපි තීන්දු කර ගත යුතුයි ඕනෑම රජයකට සයිටම් ආයතනය ඇතුළු සකල විද මුදලට විකිනෙන අධ්‍යාපන ආයතන අහෝසි කරලා මේ රටේ දරුවෙකුට ඉතාම සාධාරනව යුක්ති සහගතව තමන්ගේ හැකියාව අනුව අධ්‍යාපන අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කියන  එක තමයි  අපි රජයෙන් ඉල්ලන්නේ. එහෙම නැතුව මේ තරුණ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.
 අපිට මතකයි මමත් එකක් එකට ඉදලා තමයි එකම දවසේ ත්‍රිමාවිතාන සරසවි ශිෂ්‍යා මාපිය සංවිධානය ගොඩනගන්න ගිහිල්ල රත්නපුරේදී අල්ලලා මැරුවේ. එදා රැස්වීම ඉවර වෙලා මම මීගමුවේ රැස්වීමට එන අතරතුර තමයී ඔහුව මරල තිබුනේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලයේදී දිවි පුදපු එවැනි සරසවි ශිෂ්‍යන් 200 කට අසන්න ප්‍රමාණයක් හිටියා. මම හිතන්නේ ඒ ලේ ඉතිහාසය නැවත නැවතත් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත නොකිරීමට තමයි අදත් මම මේ රැස්වීමට සහභාගි උනේ. ඒ නිසා රජයේ පාලකයනට කියනවා මේ තරුණ ජිවිත එක්ක උබල සෙල්ලම් කරන්න එපා, උබලා  උබලගේ යුතුකම ඉෂ්ට කරලා මේ අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලියට තිත තබන්න. ඒ සඳහා ඔබ ගෙන යන අරගලයට අපි වැඩිහිටියෝ උනත් අපි සියලු දෙනාම ඔබත් සමග අත්වැල් බැඳ ගන්නවා කියමින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරනවා…!


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>