මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු! ජනතාව දැනුවත් කිරීම් තවදුරටත්.


මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කිරීමට බල කෙරෙන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක මේ.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරනු ලබන් මෙම වැඩසටහනේ තවත් අධියරක් අද(17) ආරම්භ විය. ඒ ප්‍රචාරක රථයක් මඟින් සිදු කෙරෙන ගම මට්ටමේ දැනුවත් කිරීමය. ඒ අනුව කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මඟින් වෛද්‍ය පීඨයේ සිට ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>