
හෙමින් සීරුවේ මරණ මංචකයට පියනගන විශ්වවිද්‍යාලය
මෙයට වසර කීපයකට පෙර ආසියානු රටක විශ්වවිද්‍යාලයක් නිරීක්ෂණය කරන්න මම ගියා. මාත් එක්ක ගියේ ඒ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ ලොක්කා. එයා තමන්ගෙ විශ්වවිදයාලය ගැන බොහොම ආඩම්බරයෙන් හිටියේ. ඒක ලෝකයේ දියුණුම තාක්ෂණය පරිහරණය කරන විශ්වවිද්‍යාලයක්. මාත් එක්ක ගියපු ලොක්කගේ දෙපසින් කළු කණ්ණාඩි සහ කළු සූට් වලින් ඇදුම් ඇදගත්තු දැඩි දේහධාරී තරුණයින් දෙදෙනෙකුත් සිටියා. මං ියත වශයෙන් දැනං හිටියේ මේ දෙනනගෙ කෝට් යටින් ”කලාෂ්නිකොව්” වර්ගයේ පිස්තෝල තිබුණු බවයි. තමන්ගේ අලූත් වාණිජ විද්‍යා පීඨය ගැනයි සුපිරි කලමනාකරණ පීඨය ගැනය මේ පුද්ගලයා සෑහෙන විස්තරයක් කිව්වා. ඒ වුණත් මං කිව්වෙ මේ විශ්වවිද්‍යාලයේ කිසිම වැදගත් අධ්‍යයන කටයුත්තක් නම් සිද්ධ වෙන්නේ නෑ කියල. එයා මගේ දිහා බැලූවේ බොහොම හිත්තැවුලට පත් වෙලා. හරියට මං මේ ආයතනයේ පෝල් ඩාන්සින් උපාධි කීයක් වර්ෂයකට දෙනවද කියලා ඇහුවා වගේ. ඊට පස්සේ ”ඔබේ ප‍්‍රතිචාරය සටහන් කරගත්තා.” කියලා ගොරවලා අධි තාක්ෂණ උපකරණයක් සාක්කුවෙන් ඇදල අරන් කොරියන් භාෂාවෙන් මොනවද කිව්වා: ”මූව මරපන්” කියලද මන්ද. ඊට පස්සේ ක‍්‍රිකට් පිච් එකක් විතර දිග තඩි ලිමොසින් කාරයක් ආවා. සභාපතියි එයාගේ ශරීරාරක්ෂකයොයි කාරයට නැගල පිටත් වුණා. කාර් එක ඈතට යන දිහා මං බලන් හිටියේ මාව මරල දාන නියෝගය කොයි වෙලේ එයිදැයි වික්ෂිප්ත වෙමින්.
ඇකඩමියාව කඩා බිද හෙළීම
ඇකඞීමියාවට යළි පණදෙන්න පුඑවන් මධ්‍යස්ථාන විශ්වවිද්‍යෘල කියලයි කියන්නෙ. මේක කරන්න පුඑවන් දෙයක්ද?
”ප‍්‍රායෝගික” අධ්‍යාපනයක් ගැන දෙනු ලැබූ ව්‍යාජ ප‍්‍රතිඥාව
න්‍යායාත්මක හා හරයාත්මක බවකින් තොරව ප‍්‍රායෝගික යයි කියන අධ්‍යාපනයක් ගැන සංකල්පය එම අදහසේ ඉතිහාසයත් සම`ගම යල් පැන ගොස් ඇත.
ඉහත සිදුවීම වූයේ දකුණුු කොරියාවේ. ඒ වුණත් මේ වෙද්දී මේ වගේ සිද්ධි ලෝකයේ ඕනෑම තැනක වීමේ හැකියාවක් තියනවා. කේප්ටවුන් සිට රේජාවික් දක්වාත්, සිඞ්නි සිට සාවෝ පාවුලෝ දක්වාත් වෙමින් තියනවා. මිනිස් ඉතිහාසයට කියුබන් විප්ලවය, ඉරාක ආක‍්‍රමණය කොයිතරම් වැදගත්ද, එයටත් එහා ගියපු වැදගතකමක්් ඇති මේ කාරණය ක‍්‍රමයෙන් ගලායනවා. කලාව, දේශපාලනය, දර්ශනය ගැන මානව හැදෑරීමේ කේන්ද්‍රයන් වූ විශ්වවිද්‍යාල මරණ මංචකයට යෑම තමයි මේ සිද්ධ වෙන්නෙ. බි‍්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට අවුරුදු 800ක ඉතිහාසයක් තියනවා. මේවා එක්ටැම් ගෙවල් විදියටයි හැ`දින්වුණේ. එහෙම කිව්වෙ ඒවා සමාජයෙන් තරමක් දුරස්ව තිබුණ නිසයි. මේ දුරස්ථ බව හින්ද ලැබුණු හැකියාවන් වගේම සීමාකිරීමුත් තිබුණා. සමාජයේ වටිනාකම් ඉලක්ක සහ උනන්දුවීම් දිහා ආයෙ හැරී බැලීමක් කරන්න ඉඩ කඩ ඒ විශ්වවිiාලවල පටුකම් සීමාකම් ඇතුළත ඉ`දිමින් වුණත් සැලකිය යුතු මට්ටකින් තිබුණා. දැන් දැන් ගෝලීයව මේ දුරස්ථ බව ක‍්‍රමක‍්‍රමයෙන් තුනීවෙලා යමින් තියෙන්නේ. ඉරැුස්මස්, ජෝන් මිල්ටන්, අයින්ස්ටයින්, මොන්ටි පයිතන්ලාව බිහි කරපු විශ්වවිiාල ගෝලීය ධනවාදයේ වුවමනාවන්ට වහල්කම් කරන්න පෙළගැහිලා.
ඇමෙරිකානු පාඨකයන්ට නම් මේ තත්ත්වය සමීපයි. ස්ටැන්ෆෝඞ් සහ එම්. අයි. ටී විශ්වවිද්‍යාල මේ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කි‍්‍රයාකරන මොඩලයන්. දැන් වෙමින් තියෙන්නේ බි‍්‍රතාන්‍ය උසස් අධයාපන ආයතන ඇමෙරිකානුකරණය වීම. මේක ඇමෙරිකාවෙ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල නැති බි‍්‍රතාන්‍යයෙත් වෙන්න පටන් අරන්.
ඔක්ස්ෆර්ඞ්, කේම්බි‍්‍රජ් වැනි සාම්ප‍්‍රදායික පන්නයේ ඉංග‍්‍රීසි උසස් අධ්‍යාපන ආයතන සියවස් ගණනාවක් යම් මට්ටමකින් ආර්ථික රැුල්ලට අහු නොවී තිබුණා. ඒත් ඒවාටත් දැන් දැන් මේ රැුල්ලටම ගහගෙන යනවා. වසර කීපයකට පෙර මම ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මුල්පුටුවකින් ඉල්ලා අස් වුණා. (එඩින්බරෝවල භූමිකම්පාවක් වෙනවා තරම් දුර්ලභ ගණයේ සිදුවීමක්=මේවායේ දෙන වරප‍්‍රසාද ගැන කෙනෙක් හිතුවෝත* මේකට මුල් වුණේ එතන මගේ රාජකාරිය අධ්‍යයනයට මුල් තැන දෙන එකකට වැඩිය විධායක නිලධාරියෙක් ලෙස කටයුතු කරන්න වෙන එක කියලා මට තේරුම් යාම.
මීට අවුරුදු 30කට කලින් මම ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට එද්දි මේ විදියේ තත්ත්වයක් තිබුණේ නෑ. පොඩි හරි මේ විදියේ නැඹුරුවක් තිබුණා නම් විශ්වවිද්‍යාලය පැත්තෙන් හිතන්නෙ ඒක තමන්ගෙ ගෞරවයට කැළලක් කියලා. තමන්ගේ පශ්චාත් උපාධිය ගන්න දැඩි කැපකිරීම් කරපු මගේ වෘත්තිය සගයන් තමන්ගේ නම මුලට ඩොක්ටර් පට්ටම දාන්නේ නැතිව මිස්ටර් විදයටම තියන්න කැමති වුණා. මොකද ඩොක්ටර් කියල පාවිච්චි කරන එකෙන් සදාචාරමය නොවන ශ‍්‍රමයක් ඇගවුණූ නිසාවෙන්. වෙළදපොල ඉලක්ක කරලා පොත් ප‍්‍රකාශයට පත් කිරීම සැලකිලා තිබුණෙ අශ්ලීල දෙයක් විදියට. අවුරුදු 10කට විතර සැරයක් පෘතුගීසි භාෂාවේ පද වින්‍යාසය හරි පුරාණ ටියුනීසියානු කාර්තේජ් ශිෂ්ටාචාරයේ ආහාර සංස්කෘතිය ගැන කෙරෙන පර්යේෂණ වාර්තාවක් තමයි ටිකක් හරි සදාචාරවත් කියලා පිළිගැනුනෙ. ඉස්සර කාලයක් තිබුණා විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන් යටතේ ඉන්න උපාධි අපේක්ෂකයන්ට ටියුට් කරන්න කාලසටහන් සකස් කරන එකට වැඩි සැලකිල්ලක් නොදක්වපු. ඒ වෙනුවට උපාධි අපේක්ෂකයො අර ගුරුවරු එක්ක බොහොම සැහැල්ලූවෙන් ජේන් ඔස්ටින් ගැන හරි අග්න්‍යාශයේ කාර්යය ගැන හරි විදග්ධ කථා බහක් දාන්න ඔවුන්ගෙ භජනයට ගියා. ඇකඩමියාව තිබුණේ එහෙම තැනක.
අද ඔක්ස්ෆර්ඞ් කේම්බි‍්‍රජ් ඒවායේ සංස්කෘතික ගොහොරුවේ ගිලිලා ඉන්නවා. අද ඩොන් ලා එහෙම නැත්නම් ජාවාරම් ඔස්තාර්ලා තමයි තීරණය කරන්නේ විශ්වවිද්‍යාලවල ප‍්‍රතිපාදන කොයි විදියටද බෙදලා වෙන් කරන්නේ, පාත්තිවල මොන මල් වර්ගයද වවන්නේ, කාගේ උඩුකය රූපද කොමන් රූම් එකේ එල්ලන්නේ කියලා. ඒ විතරක් නොවෙයි පුස්තකාලයට නැතිව වයින් ගබඩාවකට විශ්වවිද්‍යාලයේ මුදල් වෙන් කරන්නේ ඇයි කියල ශිෂ්‍යයින්ට හොදටම පැහැදිලි කරන්නෙ කොහොමද කියලත කියන්නෙ මේ අයමයි. විශ්වවිද්‍යාලයට අදාළ සියලූ කාර්යයන් ගැන තීරණ එක සැසිවාරයකින් ගන්නවා. මූල්‍ය වගේම අධයයන කටයුතු ගැන විතරක් නොවෙයි එදිනෙදා විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමේ කාර්යයන් ගැන පවා තීරණය වෙන්නේ මේ සැසිවාරවල අනු කමිටු මගින්මයි. මෑත කාලයේදී මේ විදියට වෙන් වෙන් ආකාරයට පාලනය වීම නිසා විශ්වවිද්‍යාල ලෙස මධ්‍යගත ව මුහුණදෙන්න වෙන අභියෝග ජයගන්න බැරි වෙමින් තියනවා. මගේ අස්වීමටත් මේක හේතුවක්. ඔක්ස්ෆර්ඞ් කේම්බි‍්‍රජ් කියන්නේ බොහේදුරට පූර්ව නූතන විශ්වවිද්‍යාල. ඒවා කලින් කිව්වා වගේ විමධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට පාලනය වීම ගැන උදාහරණ ලෙස ගන්න සුදුසු නෑ. ඒත් බොහමෙ නින්දිත විදියට සිද්ධ වෙන්නෙ මේවා හොද උදාහරණ එහෙම නැතිනම් මේ ක‍්‍රමයට අදාළ හො`ද මොඩල ලෙස හුවා දක්මින් සිටීමින් ඒකට අනෙක් තැන්වලත් උසිගැන්වීමයි.
බි‍්‍රතාන්‍යයේ අනෙක් තැන්වල තත්ත්වය මීට වඩා සෑහෙන වෙනස්. මේවගේ අධ්‍යයන කාර්යමණ්ඩලවල පාලනයකට වැඩියෙන් තියෙන්නේ පාලන ධූරාවලියක් කිව්වොත් හරි:කොටින්ම බයිසන්තියන් ධූරාවලියක්. කනිෂ්ඨ මහාචාර්යවරුන් හරියට කනිෂ්ඨ ශ්‍රේණියේ යුධ නිලධාරීන් වගේ. උපකුලපතිලා හැසිරෙන්නේ හරියට ජෙනරල් මෝටර්ස් සමාගමේ අයිතිකාරයො වගේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගොල්ලො ඉන්නේ බොහෝම පරිණත මැනේජර්ලා වගේ. මෙයාලගේ කථාබහ තියෙන්නේ විගණනය කරන හැටි ගැන, ගණන් පොත් තියන විදිය ගැන. පොත් - ඒ කිව්වෙ ගල් යුගයේ පාවිච්චියට ගත්, බොහොම නීරස, යල් පැනගිය දේවල් - දිහා බොහොම තරහෙනුයි මේ අය බලන්නෙ. අඩු වශයෙන් එක් බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාලයක්වත් මහාචාර්යවරුන්ගේ කාර්යාලවල තියෙන පොත් රාක්ක ගණන සීමා කරන්න තීරණය කරල ඇති. මොකටද දන්නවද? පෞද්ගලික පුස්තකාල තබාගැනීම අධෛර්යයට පත් කිරීමේ අරමුණින්. අහක දාන කොළ දාන කුණූ බක්කි දැන් තේ පැන් සාද බුද්ධිමතුන් වගේ වියැකිලා ගිහින්. මොකද දැන් කඩදාසි යුගය අවසන් නිසා.
ඉගැන්වීම දැන් බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාලවල වැදගත්කමින් අඩු දෙයක් කරලා. මොකද සල්ලි හම්බවෙන්නේ පර්යේෂණ කරනවට මිසක් ප‍්‍රකාශනවාදය ගැන හරි ප‍්‍රතිසංස්කරණ ගැන හරි තියෙන පාඨමාලා වලින් නොවෙන නිසා.
පිලිස්තීනු විශ්වවිද්‍යාල පරිපාලකයො ජීවයක් නැති ලාංඡුන වලින් විශ්වවිද්‍යාලවල බිත්ති වහනවා. ඒ මදිවට උන්ගේ ගෝත‍්‍රික විදියේ නියෝගත් තැන් තැන්වල ගහනවා. එක්තරා උතුරු අයර්ලන්ත විශ්වවිද්‍යාල උපකුලපති කෙනෙක් ඒ විශ්වවිද්‍යාලයේ ඉතිරිවෙලා තිබුණු ශිෂ්‍යයන් වගේම ගුරුවරුනුත් පාවිච්චියට ගත්ත එකම පොදු කාමරය පුද්ගලික ආහාර ශාලාවක් කළා. වෙන මොකටවත් නොවෙයි. ළගපාත ඉන්න හයිකාරයො, ජාාරම්කාරයො එක්ක සාමීචියේ යෙදෙමින් වළදන්න. ශිෂ්‍යයෝ විරෝධතාවකින් ඇවිත් මේ ඉඩකඩ අල්ල ගත්තම ආරක්ෂකයන්ට අණ දීල තිබුණේ මෙතන කුඩු කරලා දාන්න. බි‍්‍රතාන්‍ය උපකුලපතිවරු කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල විනාශ කරමින් හිටියත් දැන් තමයි පරිසමාප්ත අර්ථයෙන්ම මේ විනාශය එළිපිට වෙන්නෙ. මේ විශ්වවිද්‍යාලයේ ම ආරක්ෂකයො තැන තැන ගැවසෙමින් ඉන්න ශිෂ්‍යයන්ව අයින් කරනවා ඒ තැන්වලින්. අපරාදෙ කරන්න තියෙන්නෙ කිසි පිළිවෙලක් නැති, එක එක වෙලාවට මොකක් කරයිද කියල කලින් කියන්න බැරි මේ ජාතිය සදහටම විශ්වවිද්‍යාලවලින් ඉවත් කරන එක.
මේ සංවාදය මේ විදියට තියෙද්දි මානව ශාස්ත‍්‍ර විද්‍යාවන් බිත්තියට හේත්තු කරමින් තියෙනවා. බි‍්‍රතානය රජය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ විෂයයන්ට දිගින් දිගටම වැඩි වැඩියෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කරන අතරෙ ශාස්ත‍්‍රීය විෂයයන්ට පයින් ගහනවා. මේ විදයට ගියොත් තව වසර කීපයක් යද්දී සියලූ මානව ශාස්ත‍්‍ර පීඨයන් වැහිලා යන තත්ත්වයක් ඇතිවීම වෙන එක ගැන දෙගිඩියාවක් තියාගන්න අවශ්‍ය නෑ. වැරදිලාවත් මේකෙදි ඉංග‍්‍රීසි භාෂා පීඨ ඉතිරි වුණෝතින් ඒ වෙන මොකටවත් නොවෙයි ආර්ථික විද්‍යාවෙ සෙමිකෝලෝන් සංකේතය පාවිච්චි වෙන්නෙ මොකටද කියලා ශිෂ්‍යයන්ට උගන්වන්න.
මානව ශාස්ත‍්‍ර අධ්‍යයන අංශවලට වෙලා තියෙන්නේ තමන්ගේ ආයතනවල ඉගෙනගන්න ශිෂ්‍යයන්ගෙන් අයකරන ගාස්තුවලින් නඩත්තු කටයුතු කරගෙන යන්න. මේ කියන්නෙ පස්සා දොරෙන් මේ ආයතන සියල්ලටම පෞද්ගලිකකරණයට රිංගන්න දීලා කියන එක. බි‍්‍රතාන්‍යය තමන් ඉතා නිවැරදි ආකාරයට ප‍්‍රතිරෝධය දක්වපු පුද්ගලික විශ්වවිද්‍යාල දැන් ළ`ගටම ඇවිත් හොල්මන් කරන්න පටන් ගෙන තියෙන්නෙ. මේක වෙද්දි ආණ්ඩුව කරමින් ඉන්නේ මොකක්ද? ගාස්තු වැඩි කරන එකට ඉඩ හදනවා, ණය අර්බුදයන්ට ශිෂ්‍යයෝ යවමින් හරි වැඩි ඉල්ලූමක් තියෙන පාඨමාලා විකුණන්න ඉඩ හදනවා.
තවත් පැත්තකින් බලද්දි ඉගැන්වීම බි‍්‍රතාන්‍යයේ මුදල් උපයන මාර්ගයක් විදියට අත් කරගෙන තිබ්බෙ පර්යේෂණ කරනවට වැඩිය දෙවනි තැනක්. දැන් සෑම වසර කීපයකට වරක් ම බි‍්‍රතාන්‍ය රජය තදබල සෙවිල්ලක් කරනවා සෑම විශ්වවිද්‍යාලයක් ගැනම. හැම අධ්‍යයන දෙපාර්තමේන්තුවකම කෙරෙන පර්යේෂණ පිළිබද විස්තර අන්තිම බිංදුවට වෙනකම් අවුස්සලා බලනවා. මේක කරන්නේ රජය මගින් ප‍්‍රතිපාදන ඒ අධ්‍යයන අංශවල පර්යේෂණ සදහා ලබාදෙන්න පුඑවන්ද කියල හොයා බලන්නයි. මේ දේ හින්ද ගුරුවරුන්ට තමන්ගෙ ඉගැන්වීම් කටයුතුවලට කෙරෙන පෙළඹවීම අඩු වෙලා. ඒ විතරක් නොවේ. තමන්ගෙ කාලයෙන් වැඩි කොටසක් මානව සමාජයේ දියුණුවට යොදාගන්නවා වෙනුවට ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව වෙනුවෙන් කෙරෙන පර්යේෂණවලට තමන්ගෙ අවධානය යොදවන එක සාධාරණීකරණය කරන්න හේතුවකුත් හදල දීලයි තියෙන්නේ.
බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල අධ්‍යයනාංශවල නිලධාරිවාදී පරිපාලනයක් ඇතිවෙලා තියෙන්නෙ, සැබෑ අධ්‍යයන වුවමනාවෙන් බැහැරවෙන කලමනාකරණ කාර්යයකට පටු වෙලා වැඩකරන ප‍්‍රවේශයක් ඇවිත්. ඒ වගේ ම රජය විසින් කරන පර්යේෂණ පිළිබද ඇගයීම් කි‍්‍රයාවලියට මුහුණ දෙන්න පර්යේෂණ ගැන විතරක්ම ළතැවෙන්න වෙලා. මේ නිසා මේවායේ උගන්වන ආචාර්යවරුන්ට තමන්ගේ ඉගැන්වීම් වලට ලක ලෑස්තිවෙන්න තියෙන කාලය බොහොම සීමාසහිතයි. අර කලින් සදහන් කරපු ඇගයීම් වලදී ප‍්‍රසාද ලකුණු දෙන්නෙ ඝනකම වැඩි පාදක සටහන් අමුණපු පර්යේෂණ පත‍්‍රිකාවලට මිසක් ශිෂ්‍යයන් අතර ජනප‍්‍රිය වෙන පෙළපොතක් ලිවීමට නොවෙයි. අධ්‍යයන අංශවල ඉන්න ආචාර්වරු තමන්ගේ අධ්‍යාපන ආයතනයේ තත්ත්වය උසස් කරන්න හදන්නෙ එතනින් තාවකාලික නිවාඩු අරන් හරි වෙළදපොලට ඕනෑකරන පර්යේෂණවලට කාලය කැපකරලා මිසක් වඩා හොද අධ්‍යාපනයක් දෙන එකට කැපවෙලා නොවෙයි.
මේ පරිපාලකයො බොහොම කැමතිවෙයි ඇකඞීමියාවට බර විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙලා සර්කස් එකකට හරි සම්බන්ධ වෙනවනම්. මොකද එක අතකින් පඩි ගෙවන ප‍්‍රමාණය අඩු වෙනවා. ඔවුන්ට ඕනෑ පර්යේෂණ කරලා නමක් දිනාගත්තු ආචාර්යවරු කීපදෙනෙක් විතරයි. ඒ හොදටම ඇති ප‍්‍රචාරණයක් දීලා තව ගනුදෙනුකරුවන් වැඩි ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලයට ආකර්ෂණය කරගන්න. දැන් දැන් බි‍්‍රතාන්‍යය ඇකඞීමියාවට සම්බන්ධ ආචාර්වරුන් අතරින් ඉක්මණින් විශ‍්‍රාමයන්න සූදානම් සංඛ්‍යාවේ අඩුවක් නෑ. මොකද එවැනි අයට විශ්වවිද්‍යාල තුළ වැඩකටයුතු කිරීම එපා කරවලා තියෙන්නේ. එහි වැඩ කරන්න බැරි අප‍්‍රසන්න වටපිටාවක් හදලයි තියෙන්නේ. මේ විදියට එල්ල වෙලා තියන ප‍්‍රහාරය තවත් වැඩිකරලා තියෙන්නේ විශ‍්‍රාම වැටුපත් කපලා දාන එකත් එක්ක.
එක පැත්තකික් මහාචාර්වරුන් කලමනාකරුවන් බවට පත්වෙද්දී අනෙක් පැත්තෙන් ශිෂයයන්ව හුදු ගැනුම්කරුවන් වෙලා. මොකද ශිෂ්‍යයො විභාග අසමත් වුණොත් මුදල් ආපහු ගෙවන්න වෙන නිසා අසමත් කරන්න බෑ. ශිෂ්‍යයෙක් අසමත් වුණොත් ඒකෙ වගකීම විශ්වවිද්‍යාලයෙන් අදාළ මහාචාර්යවරයා පිට පටවනවා. හරියට රෝහලක වෙන සෑම මරණයක්ම කාර්ය මණ්ඩලයේ වැරද්දක් කියල තියනවා වගේ කතාවක් මේක. මේ විදියට ශිෂ්‍යයන්ගේ මුදල් ගරාගැනීමට විශ්වවිද්‍යාල යටවීමත් එක්ක වෙලා තියෙන්නේ දැන් ඉන්න පරම්පරාවේ වෙළදපොලත් එක්ක බද්ද වෙච්ච විලාසිතාවන්ට අනුකූල වෙන විදියේ පාඨමාලාවන් සකස් වෙන එකයි. මේකෙන් ශාස්තී‍්‍රය විෂයයන් අධ්‍යයනය කරන, උගන්වන අධ්‍යයනාංශවලට වෙලා තියෙන්නේ සියදිවි හානිකරගන්න.
මුදල්වලට පෙරේතකමින් ඉන්න මේ විශ්වවිද්‍යාල සුදුසුකම් සම්පූර්ණ කරල නැති ශිෂ්‍යයන්ව උපාධි පාඨමාලා සදහා බදවගන්නවා. විදේශීය ශිෂ්‍යයන්ව බදවාගන්නවා අවම සුදුසුකම්වත් සලකන්නෙ නැතිව. ඒකට හරියන්න ලොකු සල්ලි කුට්ටියක් මේ ශිෂ්‍යයන්ගෙන් අයකරගන්නවා. උදාහරණයකට ඉංග‍්‍රීසි භාෂාව විෂයය ගත්තොත් භාෂාව හැසිරවීමේ හැකියාවත් ඉතාම දුර්වල මට්ටමේ ඉන්න විදේශීය ශිෂ්‍යයන්ව පශ්චාත් උපාධිවලට පවා බ`දවගන්නවා. මේ විශ්වවිද්‍යාල බොහොම නින්දිත තැනකට පත් වෙලා ඉන්නවා ශිෂ්‍යයන් ආකර්ෂණය කරගන්න. උදාහරණයකට නවකතාකරුවෙක් වෙන්න කැමති ශිෂ්‍යයෙක් කියමු. මේ අයව ආකර්ෂණය කරගන්න සාමාන්‍ය නමක් තියන නවකතා කරුවෙක් හරි කවියෙක් හරි විශ්වවිද්‍යාලයේ වැඩකරන්න ගන්නවා. ඊට පස්සෙ අර ශිෂ්‍යයගෙ නිර්මාණයක් ප‍්‍රකාශනයට නිර්දේශකිරීමේ හැකියාවත් විශ්වවිද්‍යාලෙට ලැබෙනවා. තමන් ලියපු පොතක් මුද්‍රණය කිරීමෙනුත් අනතුරුවයි ශිෂ්‍යයාට අවබෝධවෙන්නෙ තමන්ගෙ නිර්මාණයට එහෙම පිළිගැනීමක් නෑ කියලා. එතකොට ශිෂ්‍යයො ජාවාරමක අතකොඑ වෙලා ඉවරයි.
අධ්‍යාපනය සමාජයේ අවශ්‍යතාවයන් එක්ක අනුපාත විය යුතු බව ඇත්ත. මෙහෙම වෙන්නෙ නෑ නවීන ධනවාදයේ සේවා සපයන්නෙක් වෙනවා නම්. මේ සමාජයට දැන් අවශ්‍යයි පරත්වාරෝපණය කරපු මේ අධ්‍යාපනයෙන් එහා ගියපු අධයාපනයක්. මධ්‍යකාලීන අධ්‍යාපන ආයතන පුඑල් සමාජ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දැක්වූවා. හැබැයි ඔවුන් කළේ රජයටයි ආගමික අධිකාරියටයි අවශ්‍ය පිරිස් නිර්මාණය කිරීම කියන විවේචනයත් තිබුණත් ඒක කළේ වර්තමානයේ වගේ ක්ෂණික මූල්‍ය ප‍්‍රතිලාභ බලාපොරොත්තු නොවී යම් හෝ සදාචාරයක් තියාගෙන.
නමුත් දැන් තත්ත්වයන් වෙනස් වෙලා. බි‍්‍රතාන්‍ය රාජ්‍යයට අනුව මහජන මුදල් වලින් නඩත්තුවන පර්යේෂණයන් දැන් පෝෂණය කරන්න ඕනෑ ඒගොල්ලෝ කියන දැනුම ආර්ථිකයට. මේ විදියේ ආර්ථික බලපෑමක් කරන්න තරගයට මුහුණ දෙන්න පුඑවන් ගගන ඉංජිනේරුවන්ට, ඖෂධවේදීන්ට මිසක් ඉතිහාසඥයින්ට, ප‍්‍රපංචාවේදීන්ට නොවෙයි. වෙළදපොලේ කෑදර වුවමනාවන්ට පසුපස පෙළගස්වන්න අසීරු ක්ෂේත‍්‍ර ක‍්‍රමයෙන් අර්බුදයට යවනවා. අද අධ්‍යාපනික වටිනාකම තීරණය වෙන්නෙ ඒකෙන් කොච්ච්ර සල්ලි හොයන්න පු`එවන්ද කියන එක මත. හොද අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක් කියන්නෙ මේ ක‍්‍රමයට රස්සාවට ඉලක්ක කරලා අධ්‍යාපනය දීපු කෙනෙක්. නාණක විද්‍යාඥයෙක්ටවත්, පුරාණ අකුරු ගැන හදාරන්නෙක්ටවත් වටිනාකමක් නෑ.
විශ්වවිද්‍යාලවල ශෘස්තී‍්‍රය විෂයයන් මුහුණ දීලා තියන මේ අර්බුදය සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රයටම විහිදිලා. ද්විතියික පාසල් සම්භෘව්‍ය සාහිත්‍යය ඉගැන්වීමක් වෙන්නේම නෑ. ඉතිහාසය කියලා උගන්වන්නේ නූතන ඉතිහාසය විතරයි. සම්භාව්‍ය සාහිත්‍යය උගන්වන්නේ ඉහළම මට්ටමේ ද්විතියික පාසල් කීපයක විතරයි. අනෙක් සියල්ලෙන් මේ දැනුම ඈත් කරලා.
දාර්ශනිකයන්ට විශ්වවිද්‍යාල ඇරුණාම වෙනත් සුදුසු ස්ථානවල ඉදන් වැඩකටයුතු කරගන යන්න පුඑවන් කියන එක ඇත්ත තමයි. ඒත් දැන් රජය බොහොම සැහැල්ලූවෙන් කියන විදියට විශ්වවිද්‍යාලවලට තියෙන වැඬේ දැනුම නියාමනය කිරීම. මේකෙන් කියවෙන්නේ විශ්වවිද්‍යාල ලාභ ලබන කර්මාන්තයක් කියලා. ඒවා පවත්වන් යන්නේ හෝටල් පවත්වාගෙන යන, ප‍්‍රසංග පවත්වන, කී‍්‍රඩා උත්සව පවත්වන ආයතන ලෙසයි.
බි‍්‍රතාන්‍යයේ ශාස්තී‍්‍රය අධ්‍යාපනය දඑලා ලියලනවා වෙනුවට මැලවිලා යන්න පටන් ගෙන. ධනේශ්වර යාන්ත‍්‍රණය මේ සදහා අවශ්‍ය සම්පත් නැතිකරලා. අපි කථාකරන්නෙ ඇමෙරිකාව වගේ අධ්‍යාපනය කියන්නෙ විකුණන්න- මිලට ගන්න තියන වෙළද භාණ්ඩයක් කියලා මුල සිට පිළිගත්ත සංස්කෘතියක් තියෙන සමාජයක නොවෙයි. බහුතරයක් ශිෂ්‍යයො ඉල්ලනවා උසස් අධ්‍යාපනය නොමිලේ දිය යුතුයි කියලා මේ ඉල්ලීම ඇතුළේ ශිෂ්‍යයන්ගේ ආත්මීය ප‍්‍රශ්නයේ කොටසක් නිරූපණය වුණත් මේ ඉල්ලීම සාධාරණයි. දරුවන්ට අධ්‍යාපනය දෙන එක දරුවන්ව කුරිරු ඝාතකයන්ගෙන් රැුකගන්නවා වගේම වැදගත් දෙයක්. ඒක සාමාජ වගකීමක් මිසක් ලාභ වෙනුවෙන් යොදාගත යුතු දෙයක් නොවෙයි.
මම ශිෂ්‍යයත්වලාභියෙක් විදියට අවුරුදු හතක් කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත. මට පෞද්ගලිකව ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න වුණේ නෑ. රජය මත වහලෙක් වගේ විස්වාස කරල ඉදල මං නිවට වෙලා. පවුල රැුකගන්න තුවක්කුවක් ගන්න කිව්වොත් මට ඒකවත් කරගන්න බෑ. බයගුල්ලෙක් වගේ රජයෙන් යැපෙන මට මට වතුර ටිකක් තනියෙම ගහගෙන ගින්නක් නිවාගන්නවත් බෑ. ඒකටත් රජයෙන් නඩත්තුකරන ගිනිනිවන ඒකකයට කථාකරන්න වෙලා. ඒත් මගේ ස්වාධීනත්වයෙන් ඕනෑම ප‍්‍රමාණයක් කැපකරන්න මම ලෑස්තියි කේම්බි‍්‍රජ්වල වසර හතක් වෙනුවෙන්.
මං විශ්විද්‍යාලයේ ඉගෙනගත්තු යුගයේ විශ්වවිද්‍යාලවලට ගියේ ශිෂ්‍යයන්ගෙන් 5%ක් විතරයි. දැන් මේ ප‍්‍රමාණය 50% වෙනකම් වැඩිවෙලා තියෙනවා. මේ වගකීම සම්පූර්ණයෙන් මහජන අරමුදල්වලින් දරාගන්න පුඑවන්ද කියලා කෙනෙකුට අහන්න පුඑවන්. ඒකට දෙන්න එකම උදාහරණ ගණනනාවක් නැති වුණත් තියෙන වටිනා උදාහරණයක් ස`දහන් කරන්න ඕනෙ. ඒ තමයි ජර්මනිය. ඔවුන් තමන්ගෙ රටේ ඉන්න සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවටම නිදහස් අධයාපනය දෙන්න කටයුතු කරනවා. යොවුන් ජනගහනයේ කර මත පැටවිලා තියෙන ණය බර නිදහස් කරන්න ඕනේ නම් බි‍්‍රතානය ආණ්ඩුවත් කරන්න ඕනේ නොමිලේ අධ්‍යාපනය දීලා ඒකෙ වැය ප‍්‍රකෝටි ගණනින් ලාභ ගොඩගහන ව්‍යාපාරිකයන්ගෙන් අයකරන බදු වැඩිකරලා පියවගැනීම නොවෙයිද?
ඒ වගේම විශ්වවිදයාල නැවත ප‍්‍රතිෂ්ඨාපනය කරන්න ඕනේ නූතන සමාජයේ ජයගහණයන් පෙන්වන මතවාදයන් ගැඹුරින් නිරික්ෂණයට ලක්කරන මධ්‍යස්ථාන විදියට. මානව ශාස්ත‍්‍ර විෂයයන් මේ කාර්යයේදී අත්‍යාවශ්‍යයෙන් මැදිහත් කරගත යුතුමයි.
වඩා හොද ක‍්‍රමයක් එනතුරු මට මගේ කොටසත් මෝඩකම් සපයන්නන්ගේයි පිලිස්තීනුවන්ගෙයි ගොඩට එකතුකරන්න සිදධ වෙලා තියෙනවා. උපාධි ශිෂ්‍යයන්ගේ සැසිවාරයක් පටන් ගන්න කලින් මම අහන්නේ නෑ ඒගොල්ලො මේ සාහිත්‍ය කොටස ගැන මගේ හදවතේ ගැඹුරු කියවීම දැනගන්න අවශ්‍යද කියලා.
තමන්ගෙ හෘදසාක්ෂියෙන් ඈත්වෙන්න වෙන එක බොහොම කටුක අත්දැකීමක්. විශේෂයෙන් තමන්ගේ ශිෂ්‍යයින් එක්ක හොද සම්බන්ධයක් ගෙඩනගා ගැනීම්දී. ඒත් දැන් මේ තියෙන ඉගැන්වීමේ වටපිටාවත් එක්ක වෙන කිසිවක් කරන්න බැරි වෙලා තියෙනවා. කෙනෙකුට කියන්න පු`එවන් මගේ මේ දුක්ගැනවිල්ල මගේ ශිෂ්‍යයන් විශේෂ වෙන්න ඕනේ කියල ගහන පම්පෝරියක් කියලා. කිසිම ප‍්‍රශ්නයක් නෑ. මුදල් ගෙවන්න බැරි ශිෂ්‍යයන්ට පුඑවන් භාණ්ඩ වලින් ගෙවීම කරන්න. මොකද ජීවිතේ හැම දෙයක්ම සල්ලි නෙවෙයිනෙ.