
නාය යන මිනිස්කම මත
මාතලේ උස්ම කදු මැද
උස්ව නැගුණු නුඹේ හදවත
පර නොවන කුසුමක් ව
සුපිපිනිය සොයුර
නුඹ නැගු මිනිස්කම
සමග
තමන් උස නැගෙන
පැතුම් පොදි පිරුන
මිනිස් පොදි මැද
උතුම් වූ නුඹෙ හද
කොලොම්තොට පිරෙන
පුදසුනකි අද සොයුර
දහස් ජන වදින
ජනක,සිසිත්
සොයුරනි...
නුඹ ගිය ගමන
මිනිස්කම සොයන
පැතුම් සැපිරෙයි
හෙටත් තව
යනු ඇත...
බියසුළුව සැගවෙන
පාපතර හෘදයන්ට
පැන අවුත්
උඹේ ආත්මය
දිරිය දෙන බව අදත්
සත්තයි...
කෙතෙක් කල් ගෙවුනද
සමුගැනුම් නැත සොයුර
හදවතටම ලං වූ බැවින
වේගයෙන් කැරකෙවෙන
හෝරා කටු
මකා දැමුවද දින
නැවත
නැවත
අප හමුවෙමු!
සොයුර...
ලබන හැම
උදෑසන...
-ඉසුරු චින්තක-