රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ නිළදාරීන් අන්තරේ වැඩ බලන කැඳවුම්කරුගේ නිවසට ගොස් මරණ තර්ජන කරලා

2010 වසරේ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කල, 2012 වසරේ සන්ජීව බණ්ඩාර සහෝදරයා අත් අඩංගුවට ගැනීමෙන් පසු  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන චින්තක රාජපක්ෂ මහතාගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා ගන්නා ලද පිරිසක් මරණ තර්ජන එල්ලකර තිබේ. 

පසුගිය 21 වැනිදා පැවති ඔහුගේ සොහොයුරාගේ මංගල උත්සවයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පැමිණීම ගැනත් චින්තක රාජපක්ෂ දැනට සිදුකරන දේවල් හා ඔහුගේ තොරතුරුත් එම නිවෙසට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් බව කියාගත් පිරිස විමසා තිබේ. ඔහු රජයට එරෙහි දේශපාලන කටයුතුවල නියැළෙන බවත් වහාම එය වලක්වන ලෙසත් මවුපියන්ට දන්වා ඇති අතර එය සිය අවසාන නිවේදනය බවත් එම නිලධාරීන් පවසා ඇත. ඔවුන්ගේ ජංගම දුරකතනයකින් මව, පියා හා සොහොයුරාගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් පැවසේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>