2013 නොවැම්බර් 8වන දින සිට සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධය මධ්‍යයේ විශ්වවිද්‍යාල වසාදැමීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බලහත්කාරයෙන් තීරණය කරනලදි. එයට හේතුවූයේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අතරතුර විශ්වවිද්‍යාල විවෘතව තිබුණහොත් ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා ආණ්ඩුව ජාත්‍යන්තරයට පෙන්වීමට උත්සාහකරන ව්‍යාජ ප‍්‍රතිරූපය බිඳවැටේයැයි වන බිය හා මෙම කාළය තුළ බිත‍්‍රාන්‍යයේ චාල්ස් කුමාරයාගේ අතින් විවෘත කිරීමට නියමිත අධ්‍යාපනය විකුණන වෙළද කලාප ව්‍යාපෘතියට එරෙහිව ශිෂ්‍ය විරෝධතා එල්ලවේයැයි වන බියයි.
නමුත් මෙසේ විශ්වවිද්‍යාල වසා දැමීමෙන් අනතුරුව එම අනතුර පහවුයේ යැයි සතුට පත් ඇමතිවරයා ඊයේ රාත‍්‍රියේ මෙම තීරණය ක‍්‍රියාත්මක කළ උපකුළපතිවරුන් සමඟ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුළපති නිළනිවසේදී සාදයක් පවත්වා ඇත. මේ රටේ සංවර්ධනය හා දියුණුව පිළිබඳව පාරම්බාන ආණ්ඩුව එම ක‍්‍රියාදාමයේ ජීවනාලිය බඳු විශ්වවිද්‍යාල වසා දමා සිසුන් 80000කගේ පමණ අධ්‍යාපන කටයුතු පස්සට දමා සිය පහත් දේශපාලන අවශ්‍යතා පිරිමසාගන්නා ආකාරයයි. නමුත් මේ පිළිබඳව සැලවීමෙන් පසු සිසුන් සියවරෝධය පලකර ඇති අතර පාටිය අතර මැද නවාතා දමා සියල්ල අවසන් යැයි වහසිබස් දෙඩූ ඇමතිවරයා සිය ආරක්ෂකයනුත් සමඟ පළාගොස් ඇත.