අධ්‍යාපන වෙළද කලාප ආරම්භ කිරීම සදහා සරසවි පද්ධතිය වසා දැමීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද දින කොටුව දුම් රිය පොල ඉදිරිපිට උද්ඝෝශණයක් පැවැත්වූ අතර මේ සදහා සිසුන් 2000කට ආසන්න පිරිසක් සහබාගි විය.
පොදුරාජ්‍ය මන්ඩලීය සමුළුවට මුවා වී අධ්‍යාපන වෙළඳ කලාප ආරම්භ කිරීමට හා සිසු ජීවිත බිල්ලට තබමින් නිවට ඉතිහාසයක් සැමරීමට සරසවි පද්ධතිය වසා දැමීමේ ආණ්ඩුවේ සැලසුම වේ.අධ්‍යාපනය වෙළද භාන්ඩයක් කිරිමේ නවලිබරල් ප්‍රතිපතියේ එක් පියවරක් වන මෙම අධ්‍යාපන වෙළද කලාප ආරම්භ කිරීම පරාජය කරන බවත් ඒ සදහා සිසුන් පෙලගස්වස්වන බවත් අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනීමෙ සටන සදහා සියලු බලවේග පෙලගස්වන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියා සිටි.
ඡයාරූප නැරබීමට
ඡයාරූප නැරබීමට