අවුරුදු දිනවලදීත් සත්‍යග‍්‍රහ ක‍්‍රියාත්මකයි

සාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට (13) දින 125 කි. පන්ති තහනම් 27 ටම අදාලව අභියාචනා බාරදී මාස 7 ක කාලයක් ගත වී ඇතත් අභියාචනා සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය මෙතෙක් කටයුතු කර නොමැත.

අවුරුදු නිවාඩුට විශ්වවිද්‍යාලය 11 දින සිට වසා දමා නේවාසිකාගාරවලින් සිසුන්ට ඉවත්වීමට දන්වා ඇතත් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඇති අඛණ්ඩ සත්‍යග‍්‍රහය අවුරුදු නිවාඩු සමයේද ක‍්‍රියාත්මක කරන බව රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය දන්වා සිටී. 


අදාළ ප‍්‍රශ්න කිසිවකට විසඳුම් නොදී අවුරුදු නිවාඩුවටත් සරසවි සිසුන් මහ පාරේ රැුඳවීමට මෙරට ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඒ අන් කිසිවක් නිසා නොව ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීමට එරෙහි ඕනෑම බලවේගයක් කුමන හෝ ආකාරයකින් මර්දනය කිරීමට ජනාධිපතිවරයා හා අධ්‍යාපන බලධාරීන් ප‍්‍රමුඛ ආණ්ඩුව තීරණය කොට ඇති නිසාවෙන් බවත් කුමන ආකාරයක රාජ්‍ය මර්දනය හමුවේ වුවද ගැටළුවලට සාධාරණ විසඳුම් ලැබෙන තුරු සටන් කිරීමට අප තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් මහා ශිෂ්‍ය සංගමය දන්වා සිටී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>