සත්‍යග්‍රහ දින 50 ඉක්මවයි, පාලකයිනි,මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු !




සත්‍යග්‍රහ දින 50 ඉක්මවයි,
පාලකයිනි,මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු !
IESL,කොතලාවල ඇතුළු උපාධි කඩ අහෝසි කරනු !
ජනතාවනි,
ඔබේ මුදලින් ඉදිවන NSBM ආයතනය තුල අධ්‍යාපනය විකිණීමට ඉඩ නොදෙමු !
විශ්වවිද්‍යාල තුල පවතින ශිෂ්‍ය පුරප්පාඩු වහා සම්පුර්ණ කරනු !
උපාධි කඩ එපා !
සියලු දෙනාට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කරනු !
පාසැල් තුල සිදුකරන සියලු මුදල් අයකිරීම් නවතනු !
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු !
යන සටන් පාඨ මුල්කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් මාර්තු 15 දින පැවැත්වූ දැවැන්ත පාගමන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී කොලඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කල අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පොලිසිය යොදවා බැරියර් යොදා මාර්ගය අවහිරකරමින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිසුන් තිදෙනෙකු පැහැරගෙන යාමට පොලිසිය කටයුතු කරන ලදී.පසුව සටන් පාඨ කියමින් පැහැරගත් සිසුන් නිදහස් කරන ලෙස පොලිසියට බලපෑම් කල අතර රාත්‍රී 9ට පමණ එම සිසුන් පොලිස් ඇප මත මුදා හරින ලදී.එම ම්ලේච්ජ ප්‍රහාරයෙන් එක් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවන් තිදෙනෙකු තුවාල ලබා රෝහල ගත කරන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>