ආණ්ඩුවෙන් ජපුර සත්‍යග්‍රහයට මිරිස් කුඩු ප්‍රහාරයක්

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට විශ්වවිද්‍යාල පාලන්නාධිකාරියේ සිසු මර්දනයට එරෙහිව පවත්වන ලබන සිසු උපවාසයට අද(13)උදැසන මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ වන විට දින කිහිපයක් තිස්සේ එම උපවාසය පැවැත්වෙන්න අතර පාන්දර 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. එම අවස්ථාවේ එම අට්ටාලය තුල සිසුන් 31 දෙනකු සිට ඇති අතර දහදෙනෙකු එම ප්‍රහාරයට ලක්ව ඇත. අදාල යතුරු පැදියේ ඉදිරි අංක තහඩුව ගලවා තිබූ බවත් පසුපස අංක තහඩුව රෙදි කැබැල්ලකින් ආවරණය කර තිබූ බවත් සිසූහු පවසති.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් මේ වන විට සිසුන් අත්තනොමතික ලෙස දණ්ඩනයට ලක්කොට ඇති අතර ඒ අනුව පන්ති තහනම් හා ජීවිතන්තය දක්වා පන්ති තහනම් කරනු ලැබූ සිසුන් සංඛ්‍යාව 543කි.

ඒ අතර ජීවිතාන්තය දක්වා පන්ති තහනම් කරනු ලැබූ සිසුන් 5ක්ද, ශිෂ්‍ය භාවය අහෝසි කරනු ලැබූ සිසුන් 40ක්ද, පන්ති තහනම් කරනු ලැබූ සිසුන් 166ක්ද, අත්හිටවූ පන්ති තහනම් කරනු ලැබූ සිසුන් 185ක්ද , නඩු පවරණු ලැබූ සිසුන් 147ක් ද වන බව පැවසේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ මෙම අත්තනෝමතික පාලනයට එරෙහිව එහි සිසුන් විසින් පසුගිය 09 වන දින සිට විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරනු ලැබීය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>