ආචාර්ය නිර්මාල් දේවසිරි උපකුලපති කාර්යාලයේ විරෝධතාවක

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉතිහාස අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ රැදී සිටිමින් විරෝධතාවක නිරතව සිටි.

මෙසේ විරෝධතාව දැක්වීමට හේතුව ලෙස ඔහු සදහන් කලේ, තාවකාලික පදනම මත සහය කථිකාචාර්යවරු දෙදෙනෙකු ඉතිහාස අධ්‍යනංශයට බඳවා ගැනීමට උපකුලපතිවරයාට යොමු කර ඇති ඉල්ලීම වෙනුවෙන් මෙතෙක් ප්‍රතිචාර ලබා නොදීම හේතුවෙන් මෙම විරෝධතාව ආරම්භ කිරීමට ඔහු තීරණය කල බවයි. පසුගිය පෙබරවාරි මස 28 වනදා මෙම සහය කථිකාචාර්යරුන් දෙදෙනා බඳවා ගත යුතු බවට දැනුම් දුන්නද අද වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගැනීමට උපකුලපතිවරයා කටයුතු කර නැත.
ඒ පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් ඉල්ලා සිටියද එය ද ලබා නොදුන් අතර පීඨාධිපතිවරයා හරහා යොමු කරන ලෙස දන්වා තිබිණ. ඒ අනුව පීඨාධිපතිවරයා හරහා යොමු කලද කිසිඳු පිලිතුරක ලබා දී නැත.

ඒ අනුව ආචාර්යවරුන් නොමැතිකම නිසා ඉතිහාස අධ්‍යනාංශයේ දේශන පැවැත්වීමට අදාලව දැඩි අර්බුදයක් මතුව ඇති බව ද ආචාර්යවරයා පැවසීය.

නේවාසිකාගාර ගැටළුවක් නිසා වසා දමා ඇති ඉතිහාස අධ්‍යනාංශයේ දේශන පැවැත්වෙනුයේ සිව්වන වසර කණ්ඩායමට පමණක් බවත් ඔවුනට අදාළ සියලු විෂයන් වල දේශන තමන්ට සිදු කිරීමට සිදුව ඇති අතර එය ප්‍රයෝගිකව සිදු කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සහය කථිකාචාර්යවරුන් දෙදෙනා බඳවා නොගැනීමට හේතුව ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයක් පැවැත්වෙන බැවින් බඳවා ගත නොහැකි බවයි. නමුත් ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා පවසන්නේ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් එවන් පරීක්ෂණයක් පැවැත්වීම ඔවුන් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට බාධාවක් නොවන බවයි.

ඒ අනුව මතුව ඇති තත්ත්වට විසඳුමක් ලබා දෙනතුරු උපකුලපති කාර්යාලයේ රැදී සිටීමට තීරණය කල බවද ඔහු සඳහන් කළේය. එහිදී තමන් සමඟ සාකච්ඡා නොකොට පිටව ගිය උපකුලපතිවරයා, තමන්ට පීඨාධිපතිවරයා සමඟ පසුව හමුවන ලෙස දැනුම් දුන් බවත් එසේ උපකුලපතිවරයා හමු වීමට තමන්ට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු පැවසීය. මෙම සහය කථිකාචාර්යවරුන් බඳවා ගැනීමට අදලාව අනුගමනය කල ක්‍රියා පිළිවෙතෙහි කිසිඳු ගැටළුවක් නොමැති බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය කුමාර හිරිබුරේගම මහතායි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>