සබරගමුවේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අද සිට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව අද දින අඛණ්ඩ සත්‍යග්‍රයක ආරම්භ කරයි.  මේ වන විට ශිෂ්‍ය සංගම් තහනම් කර දින 536ක් ගත වී ඇත. පන්ති තහනම්ද විශාල ප්‍රමාණයක් තිබූ අතර තවමත් පන්ති තහනම් 7ක් ඉතිරිව තිබේ.

ශිෂ්‍ය සංගම් තහනමට හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව සිසුන් දිගින් දිගටම සටන් කරමින් සිටි.  එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් කොමිශන් සභාව විසින්ද සබරගමුව සරවවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරන ලෙස නියෝග කරන ලදී. නමුත් මෙම නියෝගය ලබා දී දැනට දින 156ක් ගත වී ඇතත් පරිපාලනය විසින් තවමත් ශිෂ්‍ය සංගම් ස්ථාපිත කර නොමැත. එබැවින් සිසුන් තම අයිතීන් වෙනුවෙන්  අඛණ්ඩ සත්‍යග්‍රහයකට අද දින සිට වාඩි වේ. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>