බොරු චෝදනා මත සිර ගත කළපේරාදෙණිය සිසු ක්‍රියාකාරීන් නිදහස් කරයි

 අත්අඩංගුවට ගෙන තිබූ පේරාදෙණිය කළමණාකරන පීඨ සිසුන් 5 දෙනා අද දින නිදහස් කරන ලදී.අයුතු ජන රාශිය හා අනවසරින් ඇතුළු වීම යන බොරු චෝදනා නගමින් ඔහුන් 5 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට එම සිසුන් ඉල්ලීම් කළද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති අතර කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙස බල කරමින් පසුගියදා ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. සත්‍යග්‍රහය සම්බන්ධයෙන් කාරණා විමසීමට 08/25 වන දින පොලිසියට කැඳවා තිබු අතර එහිදී සිසුන් 3 දෙනෙක්  උසාවියට ඉදිරිපත් කර සිරගත කිරීමට කටයුතු කර තිබේ. ඉන් පසු 8/28 වන දින තවත් සිසුන් ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>