සිසුන් නොමැති අතරේ කැළණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය විශ්වවිද්‍යාල භූමිය වනසයි

පසුගිය දා කැළණිය විශ්වවිද්‍යාලයේ මී අඹ ගස් සෙවන නමින් හදුන්වන ප්‍රදේශයේ ඇති අඹ ගස් කපා ඉවත් කර  එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පරිපාලනය උත්සහා ගත් අතර එය සිසු විරෝධය හමුවේ අකුලා ගන්නා ලදී. මෙම ප්‍රදේශය කැළණි විශ්වවිද්‍යාලයේ  සිසුන් විවේකිව සිටීම සඳහා බාවිතා කාරන  උද්‍යානයක් වන අතර එය කපා ඉවත් කල පසු විශ්වවිද්‍යාල භූමිය තුල සිසුන්ට විවේකීව සිටීම ඇති ප්‍රදේශ ඉතා සීමිත වේ. තවද මේ වන විට විශ්වවිද්‍යාලය හරිත විශ්වවිද්‍යාලයක් ලෙස නම් කර තිබෙන මොහොතක මෙලෙස ගස් කපා ඉවත් කර ඉදිකිරීම කිරීමට සුදානම් විය.  මෙලෙස සිසු විරෝධතා හමුවේ හකුලා ගත් ඉදිකිරීම විශ්වවිද්‍යාලය අධ්‍යන කටයුතු නොමැති නිවාඩු කාලය වන මෙම කාලය තුල නැවත ඉදිකිරීමට අද දින නැවතත් ගස් කපා ඉවත් කිරීමට පරිපාලනය කටයුතු කර තිබේ. නමුත් විශ්වවිද්‍යාලය අවට සිටින සිසුන්  මැදිහත් වී අද දිනද ගස් කපා ඉවත් කිරීම නවතා තිබේ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>