උපාධි කඩ එපා,සරසවි බඳවා ගැනීම් ඉහල දමනු!
විශ්වවිද්‍යාල තුල පාඨමාලා මුදලට විකිණීම නවතනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද(27) විරෝධතා පා ගමනක නිරත විය. රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ සිට අනුරාධපුර නව බස් නැවතුම්පල දක්වා පා ගමනින් පැමිණි පිරිස එහිදී පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවේ නිරත විය.
