නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය වනසන මාලඹේ සයිටම් උපාධි කඩයට එරෙහිව ඊයේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී විරෝධතා රැළියක් සංවිධානය කර තිබිණ.සයිටම් උපාධි කඩයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළාත් මට්ටමෙන් පවත්වන වැඩවර්ජනයට සමගාමිව මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබු අතර මිට සමගාමිව ගලහ මංසන්ධියේ සිට විරෝධතා පාගමනක්ද පැවැත්විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහි මුලිකත්වය ගෙන කටයුතු කල අතර දේශපාලන පක්ෂ බහුජන සංවිධාන නියෝජනය කරමින් පිරිස් සම්බන්ධ වී තිබිණි.