අධ්‍යාපනය සෞඛ්‍ය විකිණීමට එරෙහිව ඔබත් මාර්තු 08 එන්න.

     නිදහස්  අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වනසන මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට පාසල් තුල මුදල් අයකිරීම නතර කිරීමට,සරසවි බඳවාගැනීම් ඉහල දැමීමට සහ අධ්‍යාපනය සඳහා 6%ක් වෙන්කිරීමට ආණ්ඩුවට බලකරමින්   ස්ථාන 04ක සිට පාගමනින් කොළඹ දක්වා පැමිණීමට කටයුතු සුදානම් වෙමින් තිබේ. සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ලෙසින් මෙම විරෝධතා පාගමන් සංවිධානය වන අතර මේ සඳහා ශිෂ්‍යන් වුර්තිය සමිති දෙමවුපියන් සහ සාමාන්‍ය මහජනතාව සම්බන්ද කිරීමට කටයුතු කකරන බව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහාන කළේය. මාර්තු 08 වන දින මෙම පාගමන් පැවැත්වෙන අතර කැලණිය විශ්වවීද්යලය,ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,දෙහිවල සහ වත්තල යන ස්ථාන වලින් මෙම පාගමන් ආරම්භ කිරීමට නියමිතය.
       අධ්‍යාපනය සෞඛ්‍ය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීම සඳහා ඉතා වේගයෙන් පාලකයන් කටයුතු කරන මොහොතක අධ්‍යාපනය සෞඛ්‍ය විකිණීමට එරෙහිවසියලු මහජනතාවට මෙම අරගලය පාගමන් සඳහා සම්බන්ද වන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය ඉල්ලා සිටි.  

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>