මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..! ව්‍යාජ විසදුම් එපා, සයිටම් අහෝසි කරනු..!
අධ්‍යාපනය සදහා 6% වෙන්කරනු..!
සරසවි බඳවාගැනීම් ඉහළ දමනු..!
උපාධි කඩ එපා, සියළු දෙනාට උසස් අධ්‍යාපන අයිතිය ලැබීම තහවුරැ කරනු..!
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය රැකගැනීමට දිවිහිමියෙන් සටන්වදිමු..!
යන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්ව ඊයේ(13) දිනයේ සෞන්දර්ය කලා පීඨයෙන් අරම්භකල විරෝධතා පාගමන බොරැල්ල, පුංචි බොරැල්ල, මරදාන, ටෙක්නිකල හන්දිය පසු කරමින් කොටුව හරහා ජනධිපති ලේකම් කාර්යාලයට යාමේදී පොලිසිය යොදාගනිමින් සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරන ලදී.ඉන් නොනැවතුණු පොලිසිය හා පොලිස් විශේෂ කාර්යබලකායද මැදිහත්වී සරසවි සිසුන්ට එලව එලවා පහර දෙන ලදී. එහිදී සිසුන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර, තවත් සිසුන් හතර දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලදී. පිරිස විසිරගිය පසුවද සිවිල් ඇදුමින් සැරසුන පොලිස් බටයින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයකද නිරත විය.