ඉකුත් මස 25 වන දින නැගෙනහිර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර එම විරෝධතාවය වළක්වමින් අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද තහනම් නියෝගය පොලිසිය ඉදිරිපිට ඉරා, පාගා දැමීමෙන් අධිකරණයට අපහාස කළ බවට පවසමින් ගොනු කරන ලද නඩුව අද (23) දින ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි, මඩකලපුව රැකියා විරහිත උපාධිධාරී සංගමේ සභාපති ටි. ක්‍රිෂාන්තන් සහ ත්‍රිකුණාමලය රැකියා විරහිත උපාධිධාරී සංගමේ සභාපති එස්.ශිවකුමාර් සහ ත්‍රිකුණාමලය රැකියා විරහිත උපාධිධාරී සංගමේ ලේකම් ආර්.ප්‍රකලතන් ඇතුළු පිරිස ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජනවාරි 8 සිට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන බව පවසමින් ජනතාවගේ මනාප වලින් බලයට පත්වූ වත්මන් යහපාලන ආණ්ඩුවද පසුගිය ආණ්ඩු හැසිරුණ ආකාරයටම ජනතාවගේ ප්‍රශ්න සදහා විසදුම් ලබාදෙනවා වෙනුවට මර්ධනය ගෙන එමින් තිබේ.