සත්‍යග්‍රහයට දින 140යි. විසඳුම් ලබා නොදීමට එරෙහිව රජරට සිසුන් වීදි බසිති.




රජරට විශ්වවිද්‍යාලයීය පරිපාලනය මඟින් ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අප්‍රේල් මස 28 වන දිනට දින 140 කි.

පන්ති තහනම් වලට අදාලව සිසුන් ඉදිරිපත් කල අභියාචනා හෝ සලකා බලා පිළිතුරක් ලබා දීමට මෙතෙක් විශ්වවිද්‍යාල පරිපාලනය උත්සාහයක් හෝ ගෙන නොමැත.

එසේම විශ්වවිද්‍යාල තුල පවතින අනෙකුත් අධ්‍යයන සහ සුබසාදන කිසිඳු ගැටළුවක් වෙනුවෙන් විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල පරිපාලනය හෝ ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කොට නොමැත.

මෙයට විරෝධය පාමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් සංවිධානය කල උද්ඝෝෂණයක් අද(28) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණ.
ඡායාරූප>>>





අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>