ඊයේ (04) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා විසින් යතුරුපැදියක් සොරකම් කළ බවට අද (05) දින බොහෝ ජාතික පුවත්පත්වල හා අන්තර් ජාල වෙබ් අඩවිවල වාර්තා කර තිබූ අතර එම ප‍්‍රවෘත්ති යතාර්ථය විකෘතිකරමින් නිර්මාණය කරන ලද දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන ලද පහත් මැදිහත් වීමක් ප‍්‍රදර්ශනය කරන බව සංජීව බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියි.
ඔහු වසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
මෙහිදී කිසිදු ආකාරයක යතුරු පැදි හොරකමක් සිදු නොවූ අතර සිදුවූයේ අත්වනැරදීමකින් යතුරුපැදි දෙකක් මාරුවීම හා ඒ සම්බන්ධව සිදුවූ වැරදි වැටහීමකි. නමුත් ඊට අදාල සියලූ පාර්ෂවයන් පසුව සිදුවූ අත්වරුද්ද වටහාගත්තද විශ්වවිද්‍යාල පරිපාලනයත්, ආණ්ඩුවේ ඇතැම් පාර්ෂවයනුත් ශිෂ්‍යව්‍යාපාරයට එරෙහිව වැරදි සමාජමතයක් ගොඩනැගීම සදහා මෙම සිදුවීම යොදාගැනීමට උත්සාහකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම ප‍්‍රවෘත්ති ඵලකර ඇති බව පැහැදිළිය. දැන හෝ නොදැන අවසානයේදී එකී මාධ්‍ය වාර්ථා අවසාන වශයෙන් ආණ්ඩුවේ උක්ත න්‍යාය පත‍්‍රයට සේවය කර ඇති බව අපගේ අදහසයි.
මෙම සිදුවීම හා ඊට ලැබී ඇති මාධ්‍ය ආවරණය දෙස බැලීමේදී අප ජීවත්වන සමාජය හා එහි ඇති සමාජ සංස්ථා කොතරම් දුරට පිරිහී ඇත්ද යන්න පෙන්නුම් කරන අතර ඒ පිළිබදව අවධානය යොමුකිරීමට පෙර සැබවින්ම මෙහිදී සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම වැදගත්ය. 2014 මැයි 04 දින පෙ.ව. 8. 30 ට පමණ මම තවත් සහෝදරයකු සමග ඔහුගේ අසනීපයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා පේරාදෙනිය රෝහලට යාමට පිටත්වූ අතර එම අවස්ථාවේදී ශාස්ත‍්‍රපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන ධනුෂ්ක සහෝදරයා ඔහුගේ යතුරු පැදිය අප වෙත ලබාදෙන ලදී. එම යතුරුපැදිය අරුණචාලම් ශාලාවේ ඉදිරිපස නවතා තිබෙන බව ඔහු පැවසූ නමුත් එහි අංකය හෝ හැඩහුරුකම් විමසා දැනගැනීමට අපට අමතක විය. නමුත් ඔහුගේ යතුරුපැදිය පිළිබද සාමාන්‍ය මතකයක් අපට තිබුණි. ඒ අනුව ඔහුගේ යැයි අනුමාණකළ යතුරුපැදියකට යතුර දමා ක‍්‍රියාකරවීමේදී එය පළමුවතාවෙන්ම පණගැන්වුණු අතර එය ඔහුගේ යතුරුපැදිය යැයි සිතා අපි රෝහලට ගියෙමු. පසුව ප‍්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව විනාඩි 30 කට හෝ 40ට පසු අපි නැවත යතුරු පැදියෙන් පැමිණි අතර එසේ එමින් සිටියදී ජයතිලක ශාලාව ඉදිරිපිට සිටි ශිෂ්‍යයකු දුර තියා අපවෙත අතවනා කතාකරනු දැක නැවැත්වීමු. ඔහු අපවෙත දුවගෙන විත් කළබලයෙන් ‘‘උඹලා මගේ යතුරු පැදිය ගත්තේ කාගෙන් අහලද’’ යැයි යම් ආවේගයකින් විමසූ අතර ඒ අවස්ථාවේදී කිසියම් වැරදීමක් සිදුව ඇති බව අපට අවබෝධ විය.
අපි දෙදනා එම අවස්ථාවේදී කරුණු පැහැදිළිකළ නමුත් ටිකවෙලාවක් යනතුරු අපකියන දේ තේරුම්ගැනීමට හෝ අප කවුරුන්දැයි අදුරාගැනීමට පවා නොහැකි මට්ටමට ව්‍යාකූලත්වයට පත්ව සිටි නිසා ඔහු අප ඔහුගේ බයිසිකළය සොරකම් කළේයැයි යන මානසිකත්වයේ සිට යම් කළබලකාරී සොබාවයකින් හැසිරුණ අතර ඒ පිළිබදව අපි පුදුම නොවෙමු. මන්දයත් ඔහුට ඔහුගේ යතුරුපැදිය අහිමිවීයැයි ඇතිව තිබූ හැගීම ඔහු බරපතල මානසික ව්‍යාකූළත්වයකට පත්කොට තිබූ නිසාය. එම අවස්ථාවේදීම උපකුළපතිවරයා සිය මෝටර්රථයෙන් එම ස්ථානයෙන් ගමන්කරමින් සිටියදී මෙම සිද්ධිය දැක නවතා ප‍්‍රශ්නය කුමක්දැයි විමසූ විට ඒ වන විටත් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොසිටි මොහු සිය යතුරුපැදිය අපවිසින් සොරාගන්නා ලද බව ඔහුට පවසා ඇත.
ඒ අනුව ඔහු එතනට ආරක්ෂක අංශ කැදවූ අතර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් සිසුන් පිරිසක් හා අප වෙත යතුරු පැදිය ලබාදුන් ධනුෂ්ක සහෝදරයාද පැමිණියේය. ඊට පසු අපවිසින් සිදුවූ දේ පිළිබදව පැහැදිළිකරන ලද අතර ආරක්ෂක අංශ නිළධාරීන් පවා එය පිළිගත්හ. ආරක්ෂක අංශ නිළධාරීන් ඉදිරියේ මෙම යතුරු පැදියට වෙනත් යතුරු කිහිපයක් දමා පරීක්ෂා කීමේදී ඕනෑම යතුරකින් එය පණගැන්විය හැකි බව අවබෝධවිය. අවසානයේදී අප ඔහුගේ යතුරුපැදිය සොරකම්කළේ යැයි සිතා සිටි කෘෂි පීඨයේ අවසන් වසර ශිෂ්‍ය T.W.A.P.D. සිල්වාද සිදුව ඇති අත්වැරැද්ද තේරුම්ගත් අතර ඔහු ආවේගශීලීවීම පිළිබදව කණගාටුවද පළකළේය. ආරක්ෂක අංශය කටඋත්තර සටහන් කරගන්නා ලද අතර එහි මෙය කිසිදු ආකාරයක හොරකමක් නොවන බව හා සිදුවූ වැරදීමක් බව සටහන්ව ඇත.
නමුත් අද පුවත්පත්වල වාර්ථාවී ඇත්තේ කුමක්ද? මා යතුරු පැදි හොරෙක් බවය. එය සෘජුව නැතත් වක‍්‍රව හෝ ඒත්තු ගැන්වීම ඒ පුවත්වල අරමුණ බව පැහැදිළිය. එහි ඇත්තේ මා පිළිබද පුද්ගලික කෝන්තරයක් නොව හිටපු කැදවුම්කරු යතුරුපැදිහොරෙක් යැයි කියා ශිෂ්‍යව්‍යාපාරයට මඩගැසීමේ හා සමාජ විරෝධයක් ඇති කිරීමේ අවශ්‍යතාවයකි.
කෙසේ නමුත් මේ සිද්ධිය හා මෙහිදී සිදුවූ මැදිහත්වීම් දෙස බැලීමේදී අප ජීවත් වන්නේ කෙබදු සමාජයකද හා එහි පුද්ගල හා ආයතනික හැසිරීම් කොතරම් පිරිහී ඇත්ද යන්න පැහැදිළි වේ. මෙවැනි අත්වැරදීම් සාමාන්‍යයෙන් මිනිසුන් අතින් සිදුවිය හැකි අතර එවැනි අවස්ථාවක නිහතමානීව අඩුපාඩුව හෝ මග හැරීම පිළිගැනීම හැරුණු කොට කළ හැකි වෙන විකල්පයක් තිබේද? අනෙකා ගේ වයස, තරාතිරම, කුලය, ආගම, ලිංගය, අධ්‍යාපන මට්ටම කුමක් වුවත් අප අතින් සිදුවුයේ වරදක් නම් අප ඒ වරද පිළිගැනීමට නිහතමානී විය යුතුය. අපි එය කළෙමු. හිතා මතා නොකළත් අඩුපාඩුවත් සිදුවී ඇත. ඒ නිසා ශිෂ්‍යයකු පීඩාවට පත්ව ඇත. ඒ නිසා අපි අතින් සිදුවූ මගඇරීම පිළිබද කණගාටු වෙමු. එවැනි පොඩි හෝ මගහැරීමක් නොවීමටද එය අපට පාඩමක් ද වනු ඇත. එහෙත් අපි ජීවත්වන සමාජය පුඑවන් තරම් රහසේ වැරදි දැන දැන කරන හා අත්වැරදීමකදී වුවද සමාවදීමට වත් අකමැති බොරුසුචරිතවාදීන්ගෙන් පිරි එකකි. ඒ නිසා හුගක් අය සමාව නොගනිති. සමාවගත්තද අනෙකා සෑහීමකට පත්නොවෙති. අතපය හිරි ඇරගැනීම පිළිබද ම්ලේඡු හැසිරීමම පෙන්වති. එහි ප‍්‍රතිඵලය ඉතා සුඑ සිදුවීම් මහා කේදවාචකයන්ගෙන් අවසන් වීමයි. බසයක සෙනග අස්සේ පවා වැරදීමකින් කුකුලක් පෑගුනවිට ඇගට ගොඩවීම, වචනයක් වැරදුනද එකට ජීවත්වෙන මිනිසුන් පවා ඇණකොටාගැනීම මීට නිදසුන්ය. මේ අනුව සමාජයේ පරිහානිය මැනවින් පෙන්නුම් කරනු ලබයි. මේ කුණුවීම මුඑ සමාජයටම පොදුය. සරසවිය තුළද ප‍්‍රශ්න විසදන්නේ බොහෝ විට එසේ වීම පිළිබද පුදුම විය යුතු නැත.
ඒ නිසා ප‍්‍රශ්නයකදී මිනිසුන් හැසිරීමේදී පෙන්විය යුතු මනුෂ්‍ය සොබාවය කුමක්ද යන්න මෙවැනි සිදුවීම් හරහා හෝ අප සොයාගත යුතුය. අද රටේ ජනමාධ්‍ය අත්වැරැුද්කටත් මිනිසුන් ඒල්ලා මැරීම අනුමත කරන්නේද යන්න හා මිනිසුන් අතින් අඩුපාඩුකම් සිදුවීම හා ඒවා නිවරදිකරගැනීමට ඉඩ තිබිය යුතුය යන්න නොපිළි ගන්නේද යන්න අපි නොදනිමු. අහිංසකයන් අල්ලා කුදලාගෙන ගොස් කුඩුකාරයන් නැතිනම් අපරාධකාරයක් ලෙස හංවඩු ගසා උසාවි ඉදිරිපත්කරන හා පොලීසිය කියන බොරු මත ඔවුන් හිරේ යවන අධිකරණ හා ඒවා ඇත්ත යැයි සිතා ‘‘ ඕකුන් එල්ලා මැරිය යුතුයි’’ යැයි ලියන කියන රටක අපි මේ ගැන පුදුම නොවෙමු.
ඒ එක් පැතිකඩක් වන අතර අනෙක් පැත්තෙන් නැති ප‍්‍රශ්නයක් ගෙන පුවත් මවන්නට වලිකන ආණ්ඩුවේ පිළිවෙත දැකීමෙන් මේ රටේ දේශපාලන සංස්කාතියේ කුණුවීම පෙන්නුම් කරයි. යතුරු පැදිය අයිතිකරු හොරකමක් නොවුණ බව කියන විටදීත් සිදුවූයේ කුමක්ද යන්න උන්ගේම පැමිණිලි පොත්වල ලියා ඇති විටදීත් අපට හොරුන් යැයි කියන්නට වළිකන්නේ කෝටි ප‍්‍රකෝටිගණන් හොරකම්, පැමිණිලිද, සාක්ෂිද ඇති විට පවා යට ගසන රටක බවත් ඒ ලියන්නට තියා කතාකරන්නට පවා හු`ගක් අය ඉදිරිපත් නොවන රටකදී බවත් අප අමතක කළ යුතුද? බලූකම් කිරීම හා දේශපාලනය අතර ඇති වෙනස මේ තුළ මැනවින් වටහාගැනීම වටී. උපකුළපතිවරුන්ද පිරිහී ඇති හැටි..................මේ පිළිබ`දව පුදුම වීම හෝ මෙවැනි පාලන ක‍්‍රමයකින් හා පාලක කල්ලියකින් මීට වැඩි යමක් අපේක්ෂා කළ නොහැකි නමුත් මෙවැනි නරුම දේශපාලන සංස්කෘතියකට ඉඩදිය යුතුද යන ප‍්‍රශ්නය මතුවේ.
එසේම මෙවැනි ප‍්‍රවෘත්ති වාර්ථාකරණය හරහා රටේ මාධ්‍ය කොයිතරම් දුරට මාධ්‍ය අචාරධර්ම රකීද සලකන්නේද යන්න පිළි`දව ද ගැට`එවක් ඇත. සත්‍ය සිදුවීමකදී පවා ඇතැම් පුදුගලයන්ගේ හා චරිතවල ගෞරවයට හා කිරීතියට හානි නොවන ලෙස වාර්ථාකරණයේ යෙදීම මාධ්‍ය අචාරධර්මවලට අයත්ය. ඉදිරිපත්කරනු ලබන තොරතුරුවල විශ්වසනීයත්වය, සත්‍යවාදී බව වෙනුවෙන් සැබෑ මාධ්‍යවේදීහු ජීවිත පවා පුදති. නමුත් අද සිදුවන්නේ කුමක්ද? අත්වැරුද්දක් හොරකමක් කිරීම කොතරම් අචාරධාර්මිකද? මේ තොරතුරු ලබාදුන්නේ කවුද? මෙතනදී සොරකමක් වූයේ නම් නැතිවූ දෙයක් තිබිය යුතුය. අයිති කරු පැමිණිලි කළ යුතුය. අවමය ඔහු හෝ මොහු විසින් අහවලා මාගේ දෙයක් සොරකම් කළේ යැයි කිවයුතුය. මෙතනදී එවැනි කිසිවක් නැත. නමුත් මා සොරකු කොට පුවත් ඵල කර ඇත. එවැන්නක් පිළිබ`දව පැමිණිලි තිබුණද, කිසිවකු චෝදනා කළද එය නිවරදි නොවිය හැකිය. මන්දයත් කෙනෙකුට විවිධ වාසි වෙනුවෙන් බොරු කළ හැකිය. එවැනි අවස්ථාවක සත්‍ය සොයා වාර්ථා කිරීම ගවේශනාත්මක හා රටට වගවන මාධ්‍යයක වගකීම නොවන්නේද?
අද රටේ ප‍්‍රශ්නය වී ඇත්තේ සිදුවන්නේ කුමක්ද? එහි ඇති සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න දෙස බැලීමට වඩා කරන්නේ කවුද හා ලැබෙන්නේ කුමක්ද යන්න දෙස බැලීමය. එවැනි සන්දර්භයක මේ පිළිබ`දව අප පුදුම විය යුතු නැත. නමුත් අපි මේ සියල්ල දෙස සමාජයක් ලෙස ආපසු හැරී බැලිය යුතුය. නොඑසේනම් අපි අප වෙතම මහා විනාශයක් කරගනු ඇත.
මෙම ප‍්‍රවෘත්ති වාර්ථා දෙස බැලීමේදී එය එසේ වීමට පැති දෙකක් බලපා ඇත. එකක් බලපෑමනිසා, තොරතුරු ලබාගැනීමේදී සිදුවූ ම`ගහැරීමක් නිසා හෝ වැරදි වැටහීමක් නිසා මෙම ප‍්‍රවෘත්තිය ඵල කිරීමය. එය එසේ විය හැකිය මන්ද යත් මිනිසුන්ට වැරදි සිදුවිය හැක. නමුත් ඒ නිසා සිදුවී ඇති හානිය අතිමහත්ය. එය ශිෂ්‍ය ව්‍යාපාරය විනාශකිරීමේ ආණ්ඩුවේ සැලැස්මට සේවය කරයි. එය එසේ වුයේ නම් අප ඔගෙන් ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටින්නේ එය නිවරදි කිරීම ඔබගේ වගකීම බවයි. එය කරන්නන් වාලේ කොහේ හෝ මුල්ලක වාක්‍යක් ලිවීම වෙනුවට සිදුවූ හානිය ආවරණය කළ හැකි නිවරදි කිරීමකි.
දෙවැන්න ඇත්ත කුමක්ද යන්න දැන දැනත් මෙසේ වාර්ථාකර තිබීමය. දැන දැන වැරදි කිරීම නරුම කම ප‍්‍රදර්ශනය කරයි. අප ජීවත්වන්නේ නරුම සමාජයක බැවින් ඒ ගැල පුදුම නොවෙමු. එසේ ඵල වූ වාර්ථාද තිබිය හැකිය. ඒ පිළිබද`ව අපට ඇත්තේ කණගාටුවකි. ඒ රටේ අනාගතය පිළිබ`දවයි. අපිට එවැන්නන්ට කීමට ඇත්තේ ඔබ වැඩකරන්නේ ඔබ වෙනුවෙන් වත් නොව ඔබද ඇතුලූව සමස්ත සමාජයේම මිනී වල කැපීමට බවයි. එය හරිද වැරදිද යන්න ඔවුගේ හෘර්දසාක්ෂීන් ප‍්‍රශ්න කරගතයුතුය.
සිදුවූයේ කුමක්ද යන්න හා අපි ඒ පිළිබ`දව සිතන්නේ කෙසේද යන්න පිළිබ`දව මෙහි ඉදිරිපත්කර ඇති අතර මෙම විකෘතිවීම නිවරදි කරනමෙන් මාධ්‍ය නිදහස, මාධ්‍ය අචාරධර්ම, යහපත් සමාජයක පැවැත්ම අගයන සෑම මාධ්‍යවේදී හිතවතකුගෙන්ද/හිතවතියකගෙන්ද අවසාන වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.